Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th May 2024 14:05:44 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපති මඩකලපුවේ ප්‍රභූවරුන් සමග හමුවක්

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි මඩකලපුව ප්‍රෙද්ශයේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් 2024 මැයි 13 වන දින සිදුවිය. එතුමා නැගෙනහිර නව ආඥාපති ලෙස රාජකාරි කටයුතු ආරම්භ කිරීමේන් පසුව ආරම්භක ලෙස මුලින්ම කාත්කන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය වෙත ගොස් ඔහු ප්‍රෙද්ශයේ මුස්ලිම් ආගමික නායකයින් හමුවු අතර එම මුස්ලිම් ප්‍රජාව මුහුන දෙන ගැටලුකාරි තත්වයන් පිළිබද සාකච්චාකර යුධ හමුදාවක් ලෙස දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී.

නැගෙනහිර නව ආඥාපතිතුමා ඉන් පසුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ මුරලිදරන් මහත්මිය හමුවු අතර එහිදී ලේකම්තුමිය විසින් නව ආඥාපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.මෙහිදි ආරක්ෂක අංශය හා සිවිල් ජනතාව අතර සහයෝගිතාවය පිළිබදව සාකච්චාකල අතර එම සම්බන්ධීකරණය තව දුරටත් ශක්තිමත් කිරිමට අදාල සැලසුම් පිළිබදව තොරතුරු ඉදිරිපත් කරන ලදි.

එම හමුවෙන් අනතුරුව මඩකලපුව රදගුරු ජෝසප් පොන්නයියා පියතුමාගේ නිවස වෙත ගමන් කල ආඥාපතිතුමා රදගුරු හමුවු අතර සියලු ජාතීන්ගේ සංහිදියාව සහ සහජිවනය වර්ධනය කිරිම පිළිබදව මෙහිදී සාකච්ඡා කරනලද අතර සාමාන්‍ය ජනතාව අතර සහයෝගයෙන් කටයුතු සිදුකිරිම පිළිබදව විස්තර කරන ලදි. ඉන් අනතුරුව රදගුරු ජෝසප් පොන්නයියා පියතුමා නව ආඥාපතිතුමා හට ආශිර්වාද පතා යාඥා කල අතර ආඥාපතිගේ ඉදිරි කටයුතු සඳහා සුභපැතුම් එක්කරන ලදි.

පසුව, නැගෙනහිර නව ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග මහතා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග මඩකලපුව කාර්යාලයේදී සුහද හමුවක් පැවැත්වු අතර එහිදී නැගෙනහිර ප්‍රෙද්ශයේ සාමය හා ආරක්ෂාව පිළිබදව පොලිසිය හා යුධ යමුදාව එම කටයුතු සදහා දායකවන ආකාරය පිළිබදව තව දුරටත් අවධානය යොමුවන ලදි.

මෙම හමුවීම් සදහා 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් සී එස් කුමාරසිංහ, ආරක්ෂක සේනා (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදී.