18th September 2024 09:00:15 Hours
ධූරයෙන් නික්ම යන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 11 දින එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරන ලදී. සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරනු ලැබීය.
අනතුරුව, ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටියේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වුණු අතර එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක් ද ප්රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට 22 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.