Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th July 2024 09:33:01 Hours

දිඹුලාන ප්රටදේශයේ ජීවත්වන නිවාස අවශ්ය තා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් 9 ශ්රීි ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ආරක්ෂවක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් හා කාංචන මාරසිංහ මහතාගේ මූල්යජ අනුග්රාලහකත්වය මත 9 ශ්රීඑ ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් වැලිකන්ද, සිංහපුර, දිඹුලාන ප්රයදේශයේ වෙසෙන අවශ්යංතා සහිත යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම නව නිවස 2024 ජූලි මස 11 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස්. චන්ද්රාකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්ෂලණය මත එම ඒකකයේ භටපිරිස්හි තාක්ෂිණික දැනුම සහ ශ්රයම දායකත්වය තුළින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්රටධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂ්ක සේනා ආඥාපති - මධ්යතම සහ ශ්රීඅ ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්රිුගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ සුරතින් පිරිත් සජ්ඣායනාවන් මධ්යබයේ සුභ මොහොතින් නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය. නිවස විවෘත කිරීමෙන් අනතුරුව නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ගෘහ උපකරණ කිහිපයක් සහ වියළි ආහාර සලාක පාර්සලයක් ද පරිත්යාරග කෙරිණී.

මෙම අවස්ථාවට ජ්යෙිෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභින්ගේ ඥාතීන් ද එක්ව සිටියහ.