25th December 2024 22:31:02 Hours
දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් බළප්‍රදේශයට අයත් කළුකැලේ ප්‍රදේශයේ පිහිටා ඇති විජය පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයේදී 2024.12.21 වන දින එම පාසලෙහි ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 233 දෙනකු හට ඉගෙනිමට අවශ්‍ය පොත් පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි.
ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනුර මලන්දෙනිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් සංජය රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.
මෙම වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක කර ගැනිම සදහා වු මුල්‍යමය දායකත්වය වයිඩ් විෂන් පදනම මගින් සිදුකරන අතර, එම ආයතනය මගින් අවශ්‍යතා ඇති පවුල් සදහා සිදු කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් වයිඩ් විෂන් පදනමේ පොලොන්නරුව ප්‍රදේශයේ නියෝජිත එම් ඒ දයාරත්න මහතා හා එම ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉන්දික සිල්වා මහතා මෙන්ම වයිඩ් විෂන් පදනමේ සාමාජික සෙහාන් ධනංජය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසින් මෙම පොත් පත් සහ පාසල් උපකරණ සදහා වු මුල්‍යමය දායකත්වය දැක්වූ අතර, මෙම උත්සව අවස්ථාව සදහා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂිකා පටබැදිගේ මහත්මිය ඇතුළු ප්‍රදේශයෙහි සම්භාවනීය අමුත්තන් සහභාගි වන ලදි.