07th November 2024 11:07:28 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්ෂණය යටතේ 12 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්එම්විපි හේරත් ශ්‍රිලංජාආබමු මුලිකත්වයෙන් සහ ඒකක භඨපිරිස් හි පුර්ණ ශ්‍රම දායකත්වයෙන් කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කුඩිම්බිමලේ (තොප්පිගල) ග්‍රාම නිලධාරි වසමේ පවුල් 130 ගේ හා මඩ/කකු කුඩිම්බිමලේ කුමාරන් විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සදහා ජල පිරිපහදු යන්ත්‍රයක් පාසල් පරිශ්‍රය තුල සවිකර ඔවුන්ගේ අයිතිය සදහා භාරදිම 2024.11.03 දින 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී හා මෙම කාර්ය සදහා මුල්‍යම දායකත්වය දැක්වු තිළිණි රාමනායක මැතිනියගේ සුරතින් සිසු හා ප්‍රජා අයිතියට පත්කරන ලදි.
මෙම සමාජ සත්කාරය සදහා සම්පත් දායකත්වය අංක 38, කැන්දලන්ද, වැල්මිල්ලෙ, බණ්ඩාරගම ලිපිනයේ හි පදිංචි තිළිණි රාමනායක මැතිනිය ඇතුළු පවුලේ සැම විසින් සිදුකරන ලදි. එතුමියගේ පියා වන සරත් රාමනායක මහතාගේ 10 වන ගුණ සැමරුව නිමිති කරගෙන රුපියල් මිලියනයකට ආසන්න මුදලක් මෙම ප්‍රජා සත්කාරය සදහා වැය කරන ලදි.
මෙම අවස්ථාව සදහා 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි, ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් එම්ජිජිඩබ්ලිව්ආර් ගමගේ, කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේකම් කේ සිත්තිරවෙල් මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කල්කුඩා, අණදෙන නිලධාරි 4 වන ගැමුණු හේවා බලඇණිය මේජර් එස්එම්ජිවිකේ බණ්ඩාර යුඑස්පි පිඑස්සි ගැහේබ, 12 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්එම්විපි හේරත් ශ්‍රිලංජාආබමු හා තිළිණි රාමනායක මැතිනිය සහ පවුලේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වන ලදි.