Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th March 2023 12:19:04 Hours

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සදහා වෘත්තීය මාර්ගෝපදේශණ සම්මන්ත්‍රණයක් පැවැත්විය

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් හා මගපෙන්වීම ය‍ටතේ 2023 මාර්තු 11 වන දින ත්‍රීකුණාමලය රොටරැක්ට් සමාජයේ සහයෝගය ඇතිව මෙම පාබල සේනාංකය විසින් වෘත්තීය මාර්ගෝපදේශණ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රදේශයේ තරුණ තරුණියන්, විශේෂයෙන් පාසල් හැර යන අය අනාගතයේදී නොමඟ යැවීමෙන් වැළකී මනාව සැලසුම් කළ වෘත්තීය ගමනාන්තයක් කරා යොමු කිරීම සදහා මෙය සංවිධානය කරන ලදි. සුප්‍රසිද්ධ වෘත්තීය උපදේශිකා චන්දිමා රුද්‍රිගු මහත්මිය විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවන ලදි. ඇය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික වෘත්තීය මාර්ගෝපදේශණ සහ උපදේශණ මධ්‍යස්ථානයේ මනා සුදුසුකම් ලත් වෘත්තීය මාර්ගෝපදේශක උපදේශකවරියකි.

පැය 4ක් පුරා පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා පාසල් හැර ගිය සිසුන් 150කට අධික සංඛ්‍යාවක් සිටි අතර, රැකියා අපේක්‍ෂකයින්ද සහභාගි වූහ. ඔවුන් සියලු දෙනාම මුල සිටම ඉතා උනන්දුවෙන් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වු අතර, අනාගත වෘත්තීය අරමුණු හා සාර්ථක ජිවිතයක් ළඟා කර ගැනීම සඳහා තෝරා ගත හැකි වෘත්තීය මාර්ග පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. ‍සම්මන්ත්‍රණය පැය 1300 ට පමණ අවසන් කල අතර, 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති, බළසේනාධිපතිවරු හා අණදෙන නිලධාරි‍න්ගේ සහාය ඇතිව සහභාගී වූ සියලුම දෙනාට තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.