?
08th December 2025 20:08:53 Hours
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් පතල් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් චෙන්කල්අඩි සහ ඒරාවුර් ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාවට රුපියල් මිලියන 1.1 ක් පමණ වටිනා වියළි සලාක මළු200 ක් සහ ඇදුම් ආයිත්තම් නොමසුරුව පරිත්‍යාග කරන ලදී..
මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.
2025 දෙසැම්බර් 07 වන දින 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් 243 පාබල බලසේනාවේ 02x05 ක භට පිරිසක් සහභාගී වූහ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහ මඩකලපුව දිස්ත්‍රික් පතල් බලපත්‍රලාභීන්ගේ සංගමයේ දායකත්වයෙන් 243 පාබල බලසේනාවේ සහයෝගයෙන් චෙන්කල්අඩි සහ ඒරාවුර්ප්රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙනු ලබනමෙම මානුෂිය ආධාර යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල්වේ.