?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 15:35:40 Hours

ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 113 කට වියළි ආහාර මලු බෙදා දීම

ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපතිගේසහ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 232 පාබල බළසේනා මුලස්ථාන බලසේනාධිපතිගේ සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරිගේ මගපෙන්විම යටතේ 12 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය මත මේ දිනවල දිවයින තුල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වූ චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඊරාලක්කුලම් ග්‍රාම නිලධාරි වසමට අයත් ඊරාලක්කුලම් ගම්මානයේ පවුල් 113 සඳහා වියළි සලාක මළු බෙදාදීම ප්‍රගධීෂ්වර කෝවිල් ලන්ඩන් බ්‍රාන්ච් දායකත්වයෙන් එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සමග 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 01 x 06 ක භටපිරිසකගේ සහභාගීත්වයෙන් 2025.12.02වන දින ඊරාලක්කුලම් පාසල අසලදී සිදුකරන ලදී.