Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th June 2023 13:11:52 Hours

කුරුකල්මඩු ප්‍රදේශයේ 11 ශ්‍රිලංසීරෙ පොසොන් දන්සල

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 11 ශ්‍රිලංසීරෙ භටපිරිස් විසින් කුරුකල්මඩු නගරයේදී පොසොන් දන්සලක් පවත්වන ලදී. ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් "බත් දන්සල" භුක්ති වින්දහ. ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දන්සලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර ප්‍රාදේශියව ආහාර ද්‍රව්‍ය කිහිපයක් සපයා ගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් WMNKD බණ්ඩාර RWP RSP USP psc සහභාගී වූ අතර, මේජර් DMN පත්මසිරි psc lsc අණදෙන නිළධාරි 11 ශ්‍රිලංසීරෙ සහ 11 ශ්‍රිලංසීරෙ භඨපිරිස් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උර දෙන ලදී.