Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th June 2023 13:01:59 Hours

උන්නච්ච් ප්‍රදේශයේ 4 ගැහේබ පොසොන් දන්සල

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 4 ගැහේබ භටපිරිස් විසින් උන්නච්ච් නගරයේදී පොසොන් දන්සලක් පවත්වන ලදී. ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් "බත් දන්සල" භුක්ති වින්දහ. ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දන්සලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර ප්‍රාදේශියව ආහාර ද්‍රව්‍ය කිහිපයක් සපයා ගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් WMNKD බණ්ඩාර RWP RSP USP psc සහභාගී වූ අතර, මේජර් SAIH සේනානායක psc lsc අණදෙන නිළධාරි 4 ගැහේබ සහ 4 ගැහේබ භඨපිරිස් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උර දෙන ලදී.