Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:35:06 Hours

ඉනපෙ (නැ) ආඥාපති 24 වන පාබල සේනාංකයේ සංචාරය කරයි

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි සඳුදා (පෙබරවාරි 13) දින 24 වන පාබල සේනාංකයේ සිය පළමු නිල සංචාරය සිදු කළේය.

ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), ප්‍රථමයෙන් 24 වන පාබල සේනාංක මූලස්ථානයට පැමිණ, 24 වන පාබල සේනාංකයේ සේවා ඒකක වල සෙබලුන් හමුවී ඉන් පසු 241 සහ 242 පාබල බලසේනාවල බළසේනාධිපතිවරු සහ බලඇණිවල අණදෙන නීළධාරීන් හමුවී සාකච්ඡාවව සහභාගී විය. සාකච්ඡාව අතරතුර, ඔහු වැදගත් භකාස ගැටළු පිළිබද සාකච්ඡා කළ අතර සැපයුම් අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා අදහස් බෙදා ගත්තේය. ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති 24 වන පාබල සේනාංකයෙන් පිටත්ව යාමට පෙර, ඔහු අමුත්තන්ගේ පොතේ ඔහුගේ අදහස් සහ සුබ පැතුම් සටහන් කළේය.

ඉනිපෙ (නැ) ආඥාපති සමග ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් සහ සේවා ඒකක වල අණදෙන නිලධාරීන් මෙම සංචාරය සඳහා සහභාගී විය. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි සමඟ 24 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ බලසේනාවල බලසේනාධිපතිවරුන් බලඇණිවල අණදෙන නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක් විය.