15th July 2024 17:53:59 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි පිඑස්සි ගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරි මේජර් එස්. පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී අධීක්ෂණයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 232 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් පි එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 ජූලි මස 12 දින මුල්ගල තබන ලදී.
මෙම සමාජ සත්කාරය සදහා මූල්‍යමය දායකත්වය මාතලේ කයිකාවල පිහිටි ඕමාන් ලංකා ම්නරල් එක්ස්ප්ලොරේසන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක වතානි මෝහනාශාකර් මැතිණිය විසින් සිදුකරනු ලබයි. මෙම නිවස ඉදිකිරීම සදහා රුපියල් මිලියන 1.4 ඇස්තමේන්තු ගතකර ඇති මුදල ඇය විසින් සපුරාලීමට නියමිතව ඇති අතර, නව නිවසේ ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය 4 ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.