Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th December 2022 11:43:19 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) 2022 වර්ෂයේ අන්තර් සේනාංක අත්පන්දු තරඟාවලියේ ශූරතාවය 23 පාබල සේනාංකය විසින් ජයග්‍රහණය කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් සහ මඟපෙන්වීමක් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක අත්පන්දු තරගාවලිය පැවැත්විය. මෙය 23 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලදී. මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර), ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), 22, 23 සහ 24 පාබල සේනාංකවල සහභාගීත්වයෙන් මින්නේරිය 7 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අත්පන්දු පිටියේදී ආරම්භ විය. සියලුම කණ්ඩායම් වෘත්තීය කුසලතා ප්‍රදර්ශනය කළ අතර සෙසු කණ්ඩායම් අභිබවා විශේෂ දක්ෂතා දක්වමින් 22 සහ 23 පාබල සේනාංක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. තරඟාවලියේ අවසන් තරඟය 2022 දෙසැම්බර් 20 වන දින පොළොන්නරුව - ගල්ලෑල්ල ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තවද, සියලුම ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රිඩකයින් අතර සහෘදත්වය, අධිෂ්ඨානය, ධෛර්යය, විනය සහ ක්‍රීඩාශීලිත්වය වැඩි දියුණු කරන බැවින් නිලධාරීන් සහ සෙසු නිලයින් උද්‍යෝගයෙන් තරඟාවලියට සහභාගී වූහ. තරඟවට පහකින් යුත් තරඟාවලියේ ශූරතාවය 23 පාබල සේනාංකය විසින් දිනාගත්තේය. 2022 ආරක්ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක අත්පන්දු තරඟාවලියේ අවසන් තරඟයේදී 22 පාබල සේනාංකයට එරෙහිව 23 පාබල සේනාංකය 3 - 2 ක විශිෂ්ට ජයක් ලබා ගන්නා ලදි . විශ්ව භාරත් නැටුම් ඇකඩමිය විසින් දෙමළ සංස්කෘතික නැටුම් සංදර්ශණයක් සහ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 7 ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු එක්ව තූර්ය වාදක ඉසව්ද, ප්‍රදර්ශනය කරන ලදී. පහත සඳහන් අය ඔවුන්ගේ සුවිශේෂී දස්කම් සඳහා විශේෂයෙන් ඇගයීමට ලක් වූ අතර ඔවුන්හට ත්‍යාග හා කුසලාන ලබා දෙන ලදී.

* හොඳම අවහිර කරන්නා - සෙ/02989 බොම් දිසානායන ඩිඑම්පිවි (5 ශ්‍රිලකහ) - 22 සේනාංකය

* හොඳම ප්‍රහාරකයා - සෙ/157740 බොම් ඉලුකේවත්ත අයිඩබ්එස්ටී (7 ශ්‍රිලකහ) - 23 සේනාංකය

* හොඳම සකසන්නා - සෙ/158149 බොම් නව්රුන්න එල්ඒඒස්ඩි (7 ශ්‍රිලකහ) - 23 සේනාංකය

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග මහතා සහභාගී විය. පාබල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නැගෙනහිර ආරක්ෂක සේනාවට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.