Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd January 2023 13:49:53 Hours

ආරක්‍ෂක සේනා නැගෙනහිර 2022 අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය 23 පාබල සේනාංකය ජය ගනියි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ ඉදිරි නඩත්තු පෙදෙස(නැගෙනහිර) මූලස්ථානයේ ආඥාපති, මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනාංක (නැගෙනහිර) අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරග 2022 දෙසැම්බර් 28 වන දින 3 වන ඉංජිනේරු සේවා බලකා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය, මින්නේරිය හීදී පැවැත්විණි.

බැඩ්මින්ටන් ක්‍රීඩාව, නිළධාරීන් සහ සෙසු නිලයින් තම දක්ෂතා ප්‍රදර්ශණය කිරීමටත් තරඟකාරිත්වය තුලින් කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කිරීමටත් අපේක්ෂා කරන තවත් ප්‍රධාන ක්‍රීඩා ඉසව්වකි. ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) සහ 22, 23 සහ 24 සේනාංක ශූරතාව සඳහා තරඟකාරී ලෙස තරඟ වැදුනු අතර, කාණ්ඩ 06ක් යටතේ පැවති තරඟාවලිය කේවල සහ යුගල තරඟ 2022 දෙසැම්බර් 17, 18, 19 යන දිනවල පැවැත්විය. ජයග්‍රාහි කණ්ඩායම ලෙස 23 වන පාබල සේනාංකය තේරීපත්වු අතර, අනුශූරයන් ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) කණ්ඩායම තේරිපත් විය. 2022 දෙසැම්බර් 28 වන දින පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී ශූරයන් සහ අනුශූරයන් සඳහා කුසලාන, පදක්කම් සහ සහතිකපත්‍ර ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානයේ ආඥාපති, මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ප්‍රධානය කරන ලදී.

තවද, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානයේ ආඥාපති, මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. 2022 අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා සියලුම පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, බ්‍රිගේඩියර් පාලන/භකාස නිළධාරි, පාබල බලසේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ. ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ජයග්‍රාහි කණ්ඩායම් සමඟ සමූහ ඡායා රූපයකට පෙනී සිටියේය.