Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th July 2024 06:41:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 03 දින භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදක ඒකකයන්හී නිල සංචාරයක නිරත විය. භටපිරිස්හී සුවදුක් විමසීම සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතු මන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර එම මූලස්ථානයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් සඳහා සහභාගී වී භටපිරිස් ආමන්ත්‍රණය කළේය. එහිදී, එතුමන් යුද්ධ හමුදා රාජකාරි ඉටුකරමින් භටපිරිස් අතර සුහදත්වය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එමෙන්ම, එම මූලස්ථානය යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදක ඒකකයන්හී සංචාරය කළ එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.