Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th April 2025 09:09:17 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බටපිරිස් විසින් බක් පුරපාසාලොස්වක පොහොය දිනය නිමිතිකොටගෙන බෝධි පුජාමය පුණ්යනකර්මයක් සිදුකරයි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු දෙවන වරට ලංකා ගමනය එනම් නාගදීපයට වැඩම කිරීම ආදී වු බෞද්ධ ඉතිහාසයට අනුව සුවිශෙෂී දිනයක් ලෙස බක් පුරපසොලොස්වක පොහොය දිනය සැලකිය හැක.

පොහොය දින ආරක්ෂක සේනා මූලස්ථාන බටපිරිස් පූජ්ය දෙල්විට මෙත්තාලංකාර හිමි කදවුරු පරිශ්රයට වඩම්වා කදවුරෙහි බෝධීන් වහන්සේ අභියස බෝධිපූජාමය පුණ්න්‍යකර්මය කරන ලදි.

මියගිය රණවිරුවන් හට පිං පැමිණවීම, රණක්ෂිතයට පත් රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, රාජකාරී නියුතු අයවළුන්ට සහ පවුල්වල සාමාජිකයන් හට සෙත් පැතීම මෙහිදී සිදු වු අතර හමුදා සාමාජිකයින්ගේ ආධ්යානත්මික ශක්තිය තුලින් චිත්ත දෛරයෙන් පිරි මානුෂීය හමුදාවක් නිර්මාණය කිරීම ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ) මේජර් ජෙනරාල් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිවිසි පීඑස්සී ජේෂ්ඨ නිළධාරී තුමන් දරණ උදාරතර ප්‍රයත්නයේ එක් කොටසක් ලෙස මෙම වැඩසටහන දැක්විය හැක.

මේ සදහා ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ජේෂ්ඨ කණිෂ්ඨ නිළධාරීන් ,සෙසු නිළයින් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගී විය.