Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th April 2024 11:20:53 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති රාජකාරි භාරගන්නා ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති ලෙස 2024 අප්‍රේල් මස (24) වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර)දී ආගමික ආශිර්වාද මධ්‍ය යේ වැඩ භාර ගන්නා ලදී.

නව ආඥාපතිවරයා මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එතුමාගේ පැමිණීමත් සමග භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) සරඹ භූමියේදී පවත්වන ලදී. අනතුරුව කාර්යාලයේදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකරමින් නව පත්වීම වෙනුවෙන් ආශිර්වාද පළ කළහ.

විශේෂ පිරිත් සජ්ඣායනා මධ්‍ය යේ නව පත්වීම් භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයක් සංකේතාත්මකව අත්සන් තැබීමට නව ආඥාපතිවරයා වෙත ආශිර්වාද කරන ලදී. අනතුරුව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ආඥාපතිවරයා මතකය සංකේතවත් කිරීම සඳහා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

තවද සියලුනිල තේ පැන් සංග්‍රහයක් සහභාගිවූ අතර නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීමමෙන් පසු දිනයේ වැඩ කටයුතු අවසන් විය.

මෙම අවස්ථාව සදහා 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වරුන්, භටකාර්ය සම්පාදක අඥාපති (නැගෙනහිර) බලසේනාධිපතිවරුන්, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ ආරක්ෂක සේනා මූලස්ථානයේ අනෙකුත් නිලයන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන්/සෙසුනිලයින් සහභාගි වූහ.