31st December 2024 15:17:34 Hours
නව නැගෙනහිර ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 27 දින 23 වන පාබළ සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
23 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, 9 වන ක්ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව භඨපිරිස් විසින් පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයක් පිරිනමන ලදි.
ආඥාපතිතුමන් සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් හා 23 සේනාංක යටතේ සිටින අණදෙන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. තවද, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගීවීමෙන් අනතුරුව 23 පාබළ සේනාංකයේ භඨපිරිස් අමතන ලදී.පසුව සේනාංකාධිපති විසින් සේනාංකයේ කාර්ය භාරය සහ කර්තව්‍යයන් සහ එහි වගකීම් පිළිබඳ විස්තරයක් ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. සේනාංක මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ආඥාපතිතුමන් විසින් සමරු පොතෙහි සටහනක් තබන ලදී.