Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th January 2025 11:27:21 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති ධූරයෙන් නික්ම යයි.

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 06 වැනි දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවැත්විණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමන ලැබූහ. පසුව කාර්යාල තුලදී තනතුරු භාරදීම් සිදුකල අතර, සමූහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන් භටපිරිස් අමතමින් තම ධූර කාලය තුල රාජකාරී නිසි අයුරු ඉටුකරමින් සිදුකල සේවයට ස්තුති කල එතුමන් සියලු නිළ තේපැන් සංග්‍රහයෙන් පසු උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

ආඥාපති නැගෙනහිර ලෙස රාජකාරී කල කාල සීමාව තුල එතුමන් ක්‍රියාන්විත සහ ක්‍රියාන්විත නොවන රාජකාරීන් සදහා තම බලප්‍රෙද්ශය තුල යුද්ධ හමුදා ක්‍රියාකාරිත්වය මැනවින් මෙහෙයවනු ලැබීය. තවද හමුදා සාමාජිකයින්ගේ මෙන්ම සිවිල් සමාජය තුලද සුභසාධක වැඩසටහන් රැසක් කෙටිකාලයක් ඇතුලත ක්‍රියාත්මක කලද මේජර් ජෙනරල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මහත්මා ගති වලින් හෙබි විශිෂ්ඨ නායකත්ව ගුණාංග හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි එසේම තම භටපිරිස් සදහා සුවපහසු රාජකාරී වටපිටාවක් නිර්මාණය කිරීමට එතුමන් මහත් කැපකිරීමෙන් ක්‍රියා කලහ.

නික්ම යෑමේ උත්සව අවස්ථාව සදහා ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක - නැගෙනහිර,  ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස්ද එක්ව සිටියහ.