Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th February 2025 22:06:25 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) භටපිරිස් නැගෙනහිර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් 2025 පෙබරවාරි 16 වන දින ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව නැගෙනහිර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

"වෙරළ තීරය ආරක්ෂා කිරීමට, සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සම්බන්ධ විය.

ආරක්ෂක සේනා මූලස්ථානය  (නැගෙනහිර) යටතේ ස්ථානගතව ඇති  22, 23 සහ 24 පාබල සේනාංක මෙම වැඩසටහනට සහභාගී විය.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, සේනාංකාධිපති වරුන්, නිලධාරීන් 33 ක්, සෙසු නිලයින් 543 ක්, සිවිල් සංවිධාන සාමාජිකයින් සහ සිවිල් වැසියන් ද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වූහ.