Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th May 2024 09:04:02 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 22 පාබල සේනාංකය සහ යටතේ පාලනය වන පාබල බලසේනාවන්හි සංචාරය කරයි.

ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) නව ආඥාපති ලෙස රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිධාරී 2024 අප්‍රේල් 30 වන දින 22 වන පාබල සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන පාබල බලසේනාවන්හි පලමු සංචාරය සිදු කරන ලදි.

ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) 22 වන පාබල සේනාංකයට පැමිණි අවස්ථාවේදී, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමන ලදි.

මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) විසින් 22 පාබල සේනාංක මූලස්ථාන කදවුරු භූමිය තුල පැළයක් රෝපණය කරන ලද අතර, ඉන් අනතුරුව සමූහ ඡායාරූපකටද පෙනී සිටින ලදි. තවද, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, කර්නල් ප්‍රමානි සහ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරී විසින් 22 වන පාබල සේනාංකයේ කාර්යභාරය සහ ක්‍රියා පිළිවෙත පිළිබඳව ආඥාපතිතුමන් දැනුවත් කිරීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සංචාරයේදී පැමිණ සිටි භටපිරිස් අමතමින්, මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් සෑම විටම විනය, වෘත්තීයභාවය සහ නොසැලෙන කැපවීම පවත්වා ගැනීමේ වැදගත්කම ඉස්මතු කරමින් ඉතා හරවත් දේශනයක් පවත්වන ලදී. තවද, රට ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර යුතුකම අවධාරණය කරමින් (නැගෙනහිර) ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා, ශ්‍රී ලංකා යුද හමුදාවේ සාඩම්බර සාමාජිකයන් ලෙස උසස් වෘත්තීය මට්ටමකින් හා ධනාත්මකව මෙන්ම සුහදත්වය පෙන්නුම් කරන ලෙස කටයුතු කරන ලෙස භටපිරිස් වෙත දැනුවත් කරන ලදි.

භටපිරිස් ඇමතීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සියලු නිලයන් සමග තේ පැන් සංග්‍රහයක් සදහාද එක් විය. එම අවස්ථාවේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති හට භටපිරිස් සමඟ සුහදව කටයුතු කිරීමටත් ඔවුන් සමඟ තම අදහස් බෙදා ගැනීමටත් අවස්ථාව උදා විය. 22 පාබල සේනාංකයෙන් නික්ම යාමට පෙර ආඥාපතිතුමන් සිය අදහස් සහ අත්සන අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සටහන් තබන ලදි.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් අප්‍රේල් 30 වන දින සහ මැයි 1 යන දිනයන්හිදී 221, 222 සහ 223 පාබල බලසේනාවල නිල සංචාරයන් සිදු කරන ලද අතර, එම පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් ආඥාපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම බලසේනාවන්හි සංචාරය සනිටුහන් කිරීම සඳහා ආඥාපති විසින් එක් එක් බලසේනා මූලස්ථානයන්හි පැළ රෝපණය කිරීමක්ද සිදු කරන ලදි. තවද, බළසේනාවන්හි කාර්යභාරය හා ක්‍රියාපිළිවෙත පිළිබදව මෙන්ම මෙහෙයුම් සූදානම පිළිබදව බලසේනාධිපතිවරුන් විසින් ආඥාපති දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද පවත්වන ලද අතර, නික්ම යාමට පෙර ආඥාපතිතුමන් සිය අදහස් සහ අත්සන අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සටහන් තබන ලදි.

අවසාන වශයෙන් මෙම සංචාරය අතරතුරදී ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව යන බලඇණි දෙකෙහිද සංචාරය කරන ලදී.

මෙම සංචාරය සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වන ලදි.