?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th January 2026 18:09:04 Hours

ආපදා සහන සේවා කටයුතු සිදු කිරිම

පැවැති අයහපත් කාලගුණික තත්වයත් සමග දුවේ අරුවේ පැති බැම්මේ සුලු වශයෙන් හානි සිදුවිම හේතුවෙන් වාරිමාර්ග ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි 242 පාබල බලසේනාව යටතේ පාලනය වන 14 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් 01 × 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් නැගෙනහිර ප්‍රදේශයට බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් 2026.01.07 වන දින දුවේ අරුවේ පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සහභාගී වන ලදී.

මෙම ආපදා සහන වැඩසටහන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිව්එම්එන්කේඩි බණ්ඩාර ආර්ඩබිල්විපි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 14 ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ජිඑච්ටීපී ෆොන්සේකා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.