?
08th December 2025 21:04:20 Hours
18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 02×10 භටපිරිසකගේ සහය ඇතිව 2025.12.07 වන දින පණ්ඩියුරන් සංගමය විසින් වියළි සලාක මලු420 ක්, සහල් මලු 420 ක් (කිලෝග්‍රෑම් 5 බැගින්), ඇඳුම් බැග් 80 ක්, බෝතල් කළ ජලය සහ ළදරු භාණ්ඩ එකතු කරන ලදී.
(මෙම භාණ්ඩවල මුළු වටිනාකම රු. 3,500,000 කට ආසන්නය). මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් අවතැන් වූ පවුල්වලට උපකාර කිරීම සඳහා මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකා හමුදාව හරහා හගුරන්කෙත ප්‍රදේශයට ප්‍රවාහනය කරන ලදී.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිල වශයෙන් පණ්ඩිරිප්පු සංස්කෘතික ශාලාවේදී භාර දෙන ලදී.