Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2022 12:39:51 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා වියළි සලාක බෙදා දීම

වැලිකන්ද ප්‍රාදේශිය සභාවට අයත් වඩිමුනේ, උත්තුච්චිනයි සහ කල්ලච්චිය ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් සදහා ආරක්ෂක මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2022.10.03 වියළි සලාක පාර්සල් ලබා ගත්හ.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් යටතේ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භට පිරිස් විසින් උත්තුච්චිනායි දෙමළ පාසල් පරිශ්‍රයේදී වඩිමුනේ, උත්තුච්චිනයි සහ කල්ලච්චිය ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් සදහා රුපියල් 6000 ක් වටිනා කමකින් යුත් වියළි සලාක පාර්සල් 250 ක් බොදිමේ වැඩසටහනක් සංවිධානය කල අතර මෙ සදහා අනුග්‍රාහකත්වය (“Siyamcity Cement” (pvt ) Limited Company) ආයතනයේ වෙතින් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි, පල්ලෙකැලේ "නාලන්ද" බෞද්ධ පාසලේ විදුහල්පති ගෞරවනීය කැටකුබුරේ ධර්මාරාම හිමි, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියශාන් මල්වරගේ, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීවේ ප්‍රනන්දු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිලධාරී, ඇතුලු නිළාරින් සෙසු නිලයින් මෙම උත්සවයට සහභාගී විය.