Header

Security Force (Central)

Home Slider

Photo Story

The annual competition which held from 06 November to 16 November 2023 has selected the most dynamic and skilful firing team and individuals out of all the participants from every regiment this year. Commander Security Force Central and Colonel Commandant of Sri Lanka Army General Services Corps, Major General WWHRRVMNDKB Niyangoda RWP RSP VSV USP ndu psc graced the first phase of the awarding ceremony organized at the Marksmanship and Sniper Training School - Diyatalawa (MSTS) on 20 November 2023, and awarded ...

News Features

News Features

WOMEN SOLDIERS TAKE PART IN MILITARY KNOWLEDGE REFRESHER COURSE

27th November 2023 15:28:35 Hours

The women soldiers serving at Security Force Headquarters Central and its under command formations underwent a military training refresher course organized by Security Force Headquarters Central from 13 ...

නායයැමේ අවදානමකට ලක්ව ඇති ප්‍රදේශය නිරික්ෂණය කිරිම

26th November 2023 08:40:10 Hours

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඇල්ල ප්‍රදේශයේදී ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව අසල කරදගොල්ල ග්‍රාමසේවා වසමේ මලිත්තගොල්ල ග්‍රාමයෙ හදිසි නායයෑමේ අවදානමක් ඇතිබව 2023.11.26 වන දින උදැසන ඉහත මාර්ගයේ ගමන් ගත් 112 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි වෙත නිරික්‍ෂණය වන ලදි.එ සබැදිව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්112 පාබල බලසේනාංකාධිපති තුමන් දැනුවත් කිරිමේන් පසු ක්‍ෂණීකව එය පිලිබදව 11 වන සේනාංකාධිපති තුමා හා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති තුමන් දැනුවත් කර උපදේස් ලබාගන්නා ලදි. ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති තුමන් ලබා දුන් උපදෙස් පරිදි ඉහත නායයෑම සබැදිව බදුල්ල දිස්ත්‍රික්කයේ,ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමන් දැනුවත් කල අතර, ඔහු විසින් සියළු පර්ශවයන් දැනුවත් කිරිමට ක්‍රියා කලේය.

එදින උදෑසන 1000 පමන කාලයේ නායයැමේ තර්ජනයකට ලක්වඇති ඉහත ප්‍රදේශය නිරික්‍ෂණය කිරිම සඳහා එම ප්‍රදේශයේ වගකිම් දරණ ඉහත කී රාජ්‍ය නිලධාරින් සමග, යුද හමුදාව නියෝජනය කරමින් 112 පාබල බල සේනාංකාධිපති තුමන් හා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති තුමන් නියොජනය කරමින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා) හා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1(මනෝවිද්‍යා මෙහෙයුම්) සහාභාගි විය.ඒ අනුව ඇල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මක මුර කපොළු දෙකක් දෙපසින් ස්ථාපිත කර නිරන්තරයෙන් මාර්ගයේ ගමන් කරන සියලු වාහන දැනුවත් කර කටයුතු කිරීමටත් , මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අනතුරුදායක බව සඳහන් පුවරු ස්ථානගත කිරීමටත්, විදුලි බල මණ්ඩලයේ සහයෝගය මත අදාල කලාපය රාත්‍රි කාලයේ ආලෝකමත් කර තැබීමටත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහය මත කඩිනමින් අනතුරු හඟවන නලා පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉල්ලීමක් යොමු කිරීමටත් තීරණය විය. තවද මෙම ප්‍රදේශයේ ඇති අපදාවට සෘජුවම ලක්වන නිවාස 9 ක් ඇති අතර, එම නි‍වාසවල සිටින ජනතාවට ඉවත් වී ආරක්‍ෂක ස්ථානයන් වෙත යන ලෙස එම නිවෙස් හිමියන් දැනුවත් කලේය.

මෙම ප්‍රදේශය විදේශ් සංචාරකයින්ගේ ආකර්ෂණයට පත්ව ඇති ප්‍රදේශයක් වන හෙයින් ඔවුන්ගේ සංචාරක කටයුතු අඩාලවිමකින් තොරව පවත්වාගැනිම සඳහා ඉඩ පහසුකම් සලස්වා දිම තුලින් ඔවුන් මෙම ප්‍රදේශයේ සංචාරය කිරිමට වැඩි ප්‍රවනථාවයක් දක්වනු ලබයි.ඒ නිසා මෙම මාර්ගය අඛන්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් සාධකයක් වේ. තවද,මෙම ඇල්ල වැල්ලවාය මාර්ගය ඌව පළාත හා දකුණු පළාත සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගය වන හෙයින් එය අකන්ඩව පවත්වාගෙන යාම උදේසා එම ප්‍රදේශයේ රථ වාහන හැසිරවිම සඳහා ශ්‍රි ලංකා පොලිසිය වෙත සහය විමට ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩායම යොදවන ලද අතර ඒම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථවාහන කිසිදු අවහිර තාවයකින් තොරව ගමන් ගැනිමට හැකිවිය. ඉදිරියේදි වර්ෂා තත්වය තවදුරටත් වර්ධනය වේ නම් රාත්‍රි කාලය තුල මාර්ගය මුළුමනින්ම වසා දමා වාහන විකල්ප මාර්ග කරා යොමු කිරීමටත් තීරණය කර ඇත.

CENTRAL TROOPS CAUTION THE PUBLIC TRAVELLING ALONG ELLA – WELLAWAYA MAIN ROAD

26th November 2023 08:35:24 Hours

Upon the information on landslide risk in Maliththagolla area along the Ella-Wellawaya main road, troops of 112 Infantry Brigade under Security Force (Central) made quick initiatives to issue ...

services

Special Programs