Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

ගජබා සේවා වනිතා ශාඛාව සහ සභාපතිණී

ගරු ජානකී ලියනගේ මහත්මිය
ගජබා සේවාවනිතා ශාඛාවේ වත්මන් සභාපතිණී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නම් මේ මහා වෘක්ෂයේ තවත් එක් ශක්තිමත් ශාඛාවක් ලෙස 1989 වර්ෂයේ ජූනි 09 වන දින ගජබා රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව ආරම්භ කරන ලදි. උත්තරීතර පරමාර්ථ පෙරදැරි කරගත් මෙම ශාඛාව යුද්ධ හමුදා සේවයේ යෙදි සිටියදි මියගිය, අතුරුදහන්, ආබාධිත හා දැනට සේවයේ යෙදි සිටින රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් හා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරිමට ඇවැසි ව්‍යාපෘති පිහිටුවීම, ශිෂ්‍යත්ව ලබාදීම, සාමාජිකයන්ගේ පවුල්වල අයවළුන් සදහා වෛද්‍ය ප්‍රථිකාර සදහා ආධාර මුදල් ලබාදීම, රටේ ජාතික ව්‍යවසනයන් වලදි ආධාර උපකාර කිරිම, යුද්ධයේදි ආබාධිත වු අයවළුන් සදහා වෛද්‍ය ආධාර/නිවාස ලබාදිමේ ව්‍යාපෘති පිහිටුවීම වැනි කටයුතු සිදුකරන අතර, රණවිරු සමරු උපහාර පැවැත්වීම වැනි අභිමානවත් සේවාවන් පවත්වා ගෙන යනු ලබයි.

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපති ධුරය ඒ වන විට රෙජිමේන්තු අධිපති ධුරය හොබවන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගේ බිරිඳ විසින් දරනු ලබයි. තවද එතුමිය එම ධුරයේ රාජකාරී කරනු ලබන්නේ රෙජිමේන්තු අධිපති තම ධුරයේ රැදී සිටින කාලසීමාව තෙක් පමණි. මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරු ඉතිහාසයේ යුග පුරුෂයෙකු වු මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ ප්‍රිය බිරිද වන මානෙල් විමලරත්න මැතිණිය ගජබා සේවාවනිතා ශාඛාවේ මුල්ම සභාපතිණිය වු අතර එතැන් සිට මේ දක්වාම ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උන්නතිය හා එහි අරමුණ ඉටුකර ගැනීමට මහත් කැපවීමකින් පහත සදහන් මැතිණියන් විසින් සභාපති ධුරය හොබවන ලදි.

හිටපු සේවා වනිතා සභාපතිනීන්

ගජබා සේවා වනිතා ප්‍රථම ගරු සභාපතිනිය
මානෙල් විමලරත්න මැතිනිය

1989.06.09 – 1992.08.08

පද්මා කාන්ති ජයසුන්දර මහත්මිය
1992.08.08 – 1996.02.22
1997.01.20 – 1999.02.12

හේමා රමණී ගුණසේකර මහත්මිය
1996.02.22 – 1997.01.20
1999.02.12 – 1999.11.12

කමනි වනිගසේකර මහත්මිය
1999.11.12 – 2005.07.10

ශාමිනී ප්‍රනාන්දු මහත්මිය
2005.07.10 - 2008.05.26

චතුරංගනී ගුණරත්න මහත්මිය
2009.07.09 – 2009.08.15
2012.08.28 – 2012.12.13

සාරංකි හිරන්යා ඩයස් මහත්මිය
2008.09.15 - 2009.07.07
2011.11.02 - 2012.01.05
2012.12.13 - 2013.09.11

සරෝජා සදමාලි දවුලගල මහත්මිය
2008.05.26 - 2008.09.15
2009.08.15 - 2011.07.04
2013.09.11 - 2016.01.22

හිමාෂි පෙරේරා මහත්මිය
2011.07.04 - 2011.11.02
2012.01.05 - 2012.08.28
2015.09.13 -2016.10.01

තෙල්මා පෙරේරා මහත්මිය
2016.10.01 - 2017.05.27

රේඛා සේනාධීර මහත්මිය
2017.05.27 – 2017.11.04

සුජීවා නෙල්සන් මහත්මිය
2017.11.04 – 2022.06.02

ජානකී ලියනගේ මහත්මිය
2022.06.02 සිට මේ දක්වා

Seva Vanitha News