Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ඉංජිනේරු සේවා බළකා ඉතිහාසය

2024 වර්ෂය

යුද්ධ හමුදා භකාස විද්‍යාලයෙහි සේනාවිධායක බි‍්‍රගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ ආසේමු(යා) බි‍්‍රගේඩියර් (පාලන හා භකාස) බි‍්‍රගේඩියර් කේ වීරසිංහ යූඑස්පී නව නිලයට උසස් කරන ලද අතර, නව නිලයේ නිල ලාංඡන, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ ශාඛාවේදී 2024.01.02 වන දින පළඳවන ලදී.

බි‍්‍රගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2024 ජනවාරි 08 වන දින යුහමු හි, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ දී ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ලෙස වැඩ භාර ගන්නා ලදී. ඉංජිනේරු සේවා බලකායේ 74 වැනි සංවත්සරය ජනවාරි 10 වැනි දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

සෙසුනිලයින් සඳහා නව දෙමහල් නවාතැන් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2024.01.12 වන දින පනාගොඩ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ‍්‍රයේදී කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී විසින් සිදු කරන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරයක් සිදුකරන ලදී.

2024 වසර සඳහා “Global HR Leadership Award” සම්මානය ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී වෙත ලෝක මානව සම්පත් සංවර්ධන කොංග‍්‍රසය විසින් 2024.02.15 වන දින ඉන්දියාවේ මුම්බායිහීදී ප‍්‍රදානය කරන ලදී.

යුධ හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම පරිදි ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සුරංගි අමරපාල මැතිණියගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2024 පෙබරවාරි මස 21 වන දින අභිමංසල- 111 පාන්ගොල්ල සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

මේජර් ඩබ්පීකේඑම් වීරසිංහ යූඑස්පී එල්එස්සී ඉසේබ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 17 වන අණදෙන නිලධාරී ලෙස 2024 මාර්තු 01 වන දින කිලිනොච්චියේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

යුද්ධ හමුදා ආයතන යථායෝග්‍ය ප‍්‍රමාණකරණය යටතේ 2024.03.02 වන දින හචනි 18/2024 අනුව 16 ඉසේරෙ ඒකකය යටපත් කර එදිනම හචනි 19/2024 අනුව ඉංජිනේරු සේවා බලකා නිලධාරී අණදෙන භඨ පිරිස් (මුලතිව්) ලෙස නගා සිටුවන ලදී.

ලූතිනන් කර්නල් එස්ඞීඑන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී 2024 මාර්තු 05 වන දින ගලයාය, ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 26 වන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී.

2024 මාර්තු 9 වන දින සවස ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම මත සංවිධානය කළ Creators sing along with ‘Marianz’ සංගීත සන්ධ්‍යාව රෙමඉසේබ නිලධාරී නිවස්නයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීයූ සහ යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි ජානකී ලියනගේ මැතිණිය සහභාගී විය.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024.02.04 දින බි‍්‍රගේඩියර් නිලයට නිල උසස්වීම් ලැබීය.

කර්නල් සේනාවිධායක ඉසේබ විසින් 2024 පෙබරවාරි මස 28 වන දින බි‍්‍රගේඩියර් නිලයට උසස්වීම් ලද 1 බළකායේ බි‍්‍රගේඩියර් (පාලන/භකාස) බි‍්‍රගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, වෙත බි‍්‍රගේඩියර් නිලයේ නිල ලාංඡන පලඳවන ලදී.

ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කර්නල් එම්එන්ජේ පෙරේරා 2024.05.03 දින සිට බලපැවැත්වෙන පරිදි බි‍්‍රගේඩියර් නිලයට නිල උසස්වීම් ලැබීය.

කර්නල් එන් වනිගසිංහ එල්එස්සී, 2024 මාර්තු 26 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බළකායෙහි ප‍්‍රථම අන්තර් රෙජිමේන්තු සරඹ තර`ගාවලියක් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 2024.03.14 සහ 15 වන දිනයන්හිදී පවත්වන ලදී.

එහිදී 12 (ස්වේ) ඉසේරෙ ප‍්‍රථම ස්ථානය ද 3 ඉසේරෙ දෙවන ස්ථානය ලබා ගත් අතර, 4 (ස්වේ) ඉසේරෙ තෙවන ස්ථානය ලබා ගන්නා ලදී. තවද, තරඟාවලියේදී පහත සඳහන් නිලධාරින් සහ සෙනින් දක්‍ෂතා ප‍්‍රදර්ශනය කරන ලදී. හොඳම සරඹ කණ්ඩ අණදෙන නිලධාරියා වූයේ නි/71724 කපිතන් ඒකේඑන් මියුෂාන් ඉසේබ, හොඳම සරඹ උපදේශක 12 (ස්වේ) ඉසේරෙ හි සෙ/4එස්01178 සැරයන් ඇල්ලේවල එම්කේඑන්, සහ හොඳම සරඹ හිමි සෙබළා සෙ/756589 ඉසෙ ජයසිංහ ජේකේඑම්එම්වීඑස් (3 ඉසේරෙ).

2022 ආසියානු හොකී ක‍්‍රීඩා උළෙල නියෝජනය කිරීම සහ එහි තෙවන ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් කෝප‍්‍රල් ජයසුන්දර ඞීඑම්අයිකේ සහ ලා/කෝ සංජීව ඒපී වෙත ප‍්‍රසාද මුදලක් ලබාදීම සහ 2022 ආසියානු කබඩි තරගාවලිය නියෝජනය කරමින් ලා/කෝ කුමාර කේඞීඑම්පී රිදී පදක්කම ලබා ගැනීම වෙනුවෙන් කර්නල් සේනාවිධායක ඉසේබ සහ අධ්‍යක්‍ෂ ජෙනරල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී ගේ ප‍්‍රධානත්වයෙන් 2024 මාර්තු 26 වන දින රෙඉසේබ පැවති මෙම උත්සවයකදී ඔවුන් අගය කිරීමට ලක් කරන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, 2024 මාර්තු 26 වන දින 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඒකක සංචාරයක නිරත වන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, ඉංජිනේරු සේවා වෘත්තීය පාසල, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු පරිශ‍්‍රයන් වෙත 2024.05.02 වන දින සංචාරය කරන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, සෙබළුන්ගේ සුභසාධන සහ පහසුකම් සොයා බැලීම සඳහා 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත 2024.05.03 වන දින සංචාරයක නිරත විය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල, 2024 මැයි 4 වන දින මුලතිව් ප‍්‍රදේශයේ ඉංජිනේරු සේවා බලකා නිලධාරි අණදෙන භඨ පිරිස් සහ 15 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීයූ ගේ දැක්ම ඉටු කරමින්, නිලධාරීන් සහ සෙබළුන් සඳහා වන සුභසාධන ව්‍යාපෘතියක කොටසක් ලෙස —Field View˜ නිවාඩු නිකේතනය අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉසේබ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී සඳුදා 2024.05.13 දින හබරකඩ, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල පරිශ‍්‍රයේදී විවෘත කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කිරීම 2024.05.31 දින පැවැත්විණි. අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සීගේ ආරාධනයෙන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඞීයූ එම අවස්ථාවට සහභාගී විය.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පොත් ප‍්‍රධාන කිරීමේ වැඩසටහනක් 2024.05.09 වන බ‍්‍රහස්පතින්දා දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ 2023 ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සහ 2022 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් ‘ඒ සාමාර්ථ 9 ලබාගත් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන්, සෙබළුන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ තෝරාගත් දරුවන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ අවශ්‍යතා සපුරාලීමයි.

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බලලත් නිළධාරීන් සහ සැරයන්වරුන් හට කෙටි කාලයක් තුළදී නවතමයෙන් ඉදිකරන ලද බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය 2024.05.14 දින ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සපැමිණි අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී විසින් විවෘත කරන ලදී. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී 2024.05.20 වන දින ඉසේබ කර්නල් සේනාවිධායක ධූරය අත් හරින ලදී.

මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස 2024.05.21 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී 2024.06.22 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත, 2024 ජුනි 25 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල වෙත, 2024 ජුලි 02 වන 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත හා 2024 ජූලි 04 වන දින බත්තරමුල්ලේ පිහිටි 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත කඳවුරු සංචාරයන්හි නිරත විය.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී 2024 ජූලි 15 වන දින අතුරුගිරියේ පිහිටි 7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත, 2024 ජූලි 16 වන දින 6 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත හා 2024 ජූලි 21 වන දින 17 ඉසේරෙ වෙත කඳවුරු සංචාරයක් සිදු කරන ලදී.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී 2024 ජූලි 23 දින 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත, 2024 ජුලි 27 වන දින බුල්නෑව 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත, 2024.07.27 වන දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසල වෙතත්, 2024.07.28 වන ඉරිදා දින 2 ඉසේරෙ වෙත හා 2024 ජූලි 28 වන දින 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙතත් කඳවුරු සංචාරයන් හි නිරත විය.

ඉංජිනේරු සේවා බලකා නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් අයිපී හෙට්ටිආරච්චි යූඑස්පී 2024 අගෝස්තු 02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 08 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සහභාගී විය. වැඩසටහන අතරතුර 2022 සහ 2023 උසස් පෙළ විභාගවලින් දස්කම් දැක්වූ විශිෂ්ට සිසුන් 34 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී. මීට අමතරව, ගැබිණි මව්වරුන් 118 දෙනෙකුට අත්‍යාවශ්‍ය උපාංග ඇසුරුම් ලැබිණි. පාසල් උපකරණ ඇතුළත් තවත් තෑගි පාර්සල් 20 ක් ද තෝරාගත් දරුවන් අතර බෙදා දෙන ලදී.

කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ, ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකවරුන්ගේ හමුවක් 2024 අගෝස්තු 02 වන දින නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී 2024.08.04 වන ඉරිදා දින 10(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත, 2024 අගෝස්තු 11 වන දින යාපනය, අයියකච්චි හි පිහිටි 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත, 2024 අගෝස්තු 11 වන දින කිලිනොච්චියේ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත හා 2024.08.13 වන දින 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය ඒකක සංචාරයන් සිදුකරන ලදී.

රෙමඉසේබ නිලධාරී නිවස්නයේ නවතමයෙන් ඉදිකරන ලද නවාතැන් ප‍්‍රදේශය —The Snug˜ යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී විසින් 2024.08.15 වන දින විවෘත කරන ලදී.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී විසින් පාලින්දනුවර ‘පර්ල් එජ්‘ නිවාඩු නිකේතනයෙහි ‘වෙස්ට් කොටේජ්‘ කොටස 2024 අගෝස්තු 15 වන දින විවෘත කරන ලදී.

2024 අගෝස්තු 15 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැපලෙහි සිහිවටන සහ කලා නිර්මාණ ප‍්‍රදර්ශනාගාරයක් වන —Creators Forge˜ ප‍්‍රදර්ශනාගාරය නැවත එළිදැක්වීම යුද සේවා ලේකම් සහ ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී විසින් සිදුකරන ලදී.

යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයිඒඑන්බි පෙරේරා ආර්ඩබ්පී යූඑස්පි එන්ඩිසී පීඑස්සී විසින් 2024 අගෝස්තු 15 වන දින කඹුරුපිටිය 12 (ස්වේ) ඉසේරෙ වෙත ඒකක සංචාරය කළ අතර, එහිදී නවතමයෙන් ඉදිකරන ලද ඒකක නිලධාරි නිවස්නය විවෘත කරන ලදී.

2024 අගෝස්තු 20 වන දින ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ‍්‍රාම යාමට නියමිත යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඞීයූ පීඑස්සී, වෙත ඉංජිනේරු සේවා බලකාය විසින් ඔහු වෙත සමුදීමේ උත්සවය 2024 අගෝස්තු 16 දින පවත්වන ලදී.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඞීසී පීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස 2024 අගෝස්තු 20 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි බි‍්‍රගේඩියර් (පාලන හා භකාස) බි‍්‍රගේඩියර් කේ වීරසිංහ යූඑස්පී 2024 අගෝස්තු 26 දින යුද හමුදාවෙන් විශ‍්‍රාම ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී එම තනතුර 2024 ඔක්තෝබර් මස 15 වන දින අත්හරින ලදී.

බි‍්‍රගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බි‍්‍රගේඩියර් පාලන හා භකාස ලෙස 2024 ඔක්තෝම්බර් 16 වන දින වැඩ භාර ගන්නා ලදී.

බි‍්‍රගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා ඉංජිනේරු සේවා බලකායේ 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2024 ඔක්තෝබර් 22 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය 2024 ඔක්තෝබර් මස 25 වන දින අවසන් වූ අතර, ඒ සඳහා ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින්/ නිලධාරිණියන් සහ සෙසුනිලයින් 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලියේ සමස්ථ අනුශූරතාවය දිනා ගත් අතර, ඔවුන් විසින් සහභාගීවූ තනි ඉසව් වලින්ද ජයග‍්‍රහණ රැසක් දිනා ගන්නා ලදී.

  • නි/11599 කපිතන් එම්පීඑස් පොල්පිටිය ඉසේබ - කාන්තා කේවල චෙස් තරගාවලියේ 1 වන ස්ථානය (කාන්තා) කේවල අධීවේගි චෙස් තරඟාවලියේ 02 ස්ථානය, විවෘත කණ්ඩායම් චෙස් තරගාවලියේ 02 වන ස්ථානය
  • නි/72353 2/ලූතිතන් ආර්ඩඞීජීඑම් සුරවීර ඉසේබ - විවෘත කේවල චෙස් තරගාවලියේ 02 වන ස්ථානය, විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
  • නි/72103 ලූතිතන් පිජීඑච්එල්එන් සිල්වා ඉසේබ - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
  • සෙ/751803 බනි11 ඕමත්තගේ පීඅයි යුඑස්පී - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
  • සෙ/එස්00055 කෝප‍්‍රල් කාරියවසම් එස්එන් - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
  • සෙ/එස්111002 ඉසෙ බණ්ඩාර එඒම්එස් - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය

ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක සහ ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඞීසී පීඑස්සී විසින් 2024 නොවැම්බර් 06 දින පනාගොඩ 1 ඉසේරෙ හි නිලධාරි නිවස්නය විවෘත කරන ලදී.

යුද හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් 22 දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී අවසන් විය. අවසන් තරගයේදී ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම, තියුණු තර`ගයකින් පසු පහත නම් සඳහන් අයවලූන් කණ්ඩායම් ශූරතාවලියේ ශූරයන් බවට පත් විය.

  • සෙ/752763 සැරයන් වනසිංහ ඩබ් පී අයි පී
  • සෙ/7එස්00570 සැරයන් ධනුෂ්ක ජී එම් ටී
  • සෙ/7එස්01027 කෝප‍්‍රල් චරිත ආර් කේ ඒ
  • සෙ/752981 ලා/කෝ වින්දන එච් ඒ ඒ පී
  • සෙ/7එස්00987 ලා/කෝ ලසිත් නිර්මාල් ජී එම්
  • සෙ/10එස්00557 ලා/කෝ ලක්මාල් ඩබ් ආර් යූ
  • සෙ/එස්106122 ලා/කෝ මදුශංඛ ඒ අයි
  • සෙ/එස්106177 ලා/කෝ කුමාර කේ ඞී එම් පී
  • සෙ/755606 ඉසෙ කෞෂල්‍ය එස් පී සී
  • කණ්ඩායම් පුහුණුකරු - සෙ/7එස්00693 සැරයන් බණ්ඩාර ඊ එම් ඒ එස්
    • යුද්ධ හමුදාධිපති ලූතිතන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඞීයූ ගේ සංකල්පයක් මත විශේෂ බලකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන්/ සෙසුනිලයන් පුහුණු කිරීම සඳහා ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ Water Confidence Training Zone ඉදිකිරීමේදී මුහුණ දෙන ලද තාක්ෂණිකමය අභියෝගයන් සහ ලබාගන්නා ලද ප‍්‍රායෝගික අත්දැකීම් සබැදිව “FROM THEORY TO PRACTICE: DESIGNING, PLANNING, CONSTRUCTION OF THE COMMANDOS’ CONFIDENCE JUMP ARENA PROJECT AT UVA KUDA OYA" නමින් පුහුණු වැඩමුළුවක් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් 04 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

      ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සහ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඞීසී පීඑස්සී 2024 දෙසැම්බර් 07 වන දින බුල්නෑව 15(ස්වේ) ඉසේරෙ හි, 2024 දෙසැම්බර් 7 දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසල හි සංචාරයක නිරත විය.

      මේජර් ඩබ්ලිව්සී පෙරේරා යූඑස්පී ඉසේබ, 7(ස්වේ) ඉංජිනේරු සේවා මූලස්ථානයේ 06 වන අණදෙන නිලධාරිණිය ලෙස 2024 දෙසැම්බර් 09 වන දින වැඩ භාර ගන්නා ලදී.

      මේජර් එම් පී එස් නදීශාන් එල්එස්සී ඉසේබ, 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 11 වන අණදෙන නිලධාරි ලෙස 2024 දෙසැම්බර් 11 වන දින මින්නේරිය 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

      ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ 2024 දෙසැම්බර් 15 වන දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ අයියකච්චි හි පිහිටි 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත, පසු දින ඔහු කිලිනොච්චියේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත හා 2024 දෙසැම්බර් 17 වන දින ඉසේබ නිළධාරී අණදෙන භඨපිරිස් (මුලතිව්) වෙත කඳවුරු සංචාරයන් හි නිරත විය.

      ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2024 දෙසැම්බර් 28 වන දින 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරයක නිරත විය.

      15(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යුද්ධ හමුදා ඒකක යාථායෝග්‍ය ප‍්‍රමාණකරණය යටතේ 2024.12.31 වන දින සිට යටපත් කරන්නට යෙදුනු අතර, ඒකක අණදෙන නිලධාරී වන ලූතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නිළ වශයෙන් ඒකක ධජය පහත හෙලා ඒකකය යටපත් කිරීමට කටයුතු කරන ලදී.

      2025 වර්ෂය

      ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයෙහි අභිනවයෙන් ඉදිකරන ලද භෝජනාගාරය 2025.01.03 වන දින ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විසින් විවෘත කරන ලදී.

      තවද AHQ/GS BR/A/37/2024(233) & 25 November 2024 දිනැති ප‍්‍රමාශා ලිපියට අනුව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඒකක යථායෝග්‍ය ප‍්‍රමාණකරණයට අනුව 2025.01.02 දින සිට යටපත් කරන ලද 5 ඉසේරෙ 11 ඉසේරෙ පැවති කිලිනොච්චිය කදවුරේ ස්ථාපිත කරන ලදී.

      ඒ අනුව AHQ/GS BR/A/37/2024(233) & 25 November 2024 දිනැති ප‍්‍රමාශා ලිපියෙහි උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඒකක යථායෝග්‍ය ප‍්‍රමාණකරණයට අනුව 2025.01.02 දින 17 ඉසේරෙ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන ලද ලූතිතන් කර්නල් ඊඒඞීපී එදිරිසිංහ එල්එස්සි ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නිල වශයෙන් ඒකක ධජය පහත හෙලීම සිදුකර 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත 17 ඉසේරෙ ක`දවුරු භූමිය භාරදීමට කටයුතු සිදුකරන ලදී.