2020 වර්ෂය
ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සර සැමරුම 2020.01.10 වන දින අති උත්කර්ෂවත් ලෙස සමරමින් ඉංජිනේරු සේවා අධ්යක්ෂ හා කර්නල් සේනාවිධායක ඉසේබ බි්රගේඩියර් ආර් ගනේගොඩ පීඑස්සී වෙත කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.
ලූතිතන් කර්නල් කේඑස් මොහාන් කුමාර් යූඑස්පී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.02.17 වන දින 9 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි අණදෙන නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී. 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) ට අයත් සෙ/4එස්01206 මාණ්ඩලික සැරයන් පුෂ්පකුමාර එස්ඩීඑස් යන ජ්‍යෙකොනොනි, ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසල වෙතින් 2020.02.11 වන දින සිට 2020.04.06 වන දින දක්වා පැවති මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරූ ඉංජිනේරු සේවා බලකායෙහි ප්‍රථම සෙසුනිලයා ලෙස අදාල පාඨමාලාව සාර්ථකව නිමකරන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් එස්ඩීටී ලියනගේ ඩබ්ඩබ්වී ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඉසේබ හි පවත්වන ලද පාලන පරීක්ෂාවේ අවසන් දිනය 2020.03.10 වන දින රෙමඉසේබහි පවත්වන ලදී.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය අනිල් ජාසිංහ මහතා විසින් හා යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධාන සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානගෙන් කළ ඉල්ලීමකට අනුව 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අංගොඩ මානසික රෝහලේ අතහැර දැමූ දෙමහල් ගොඩනැගිල්ලක් කොවිඞ් 19 වෛරසය ආසාදිත මානසික ආබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කර භාරදීමේ උත්සවය 2020.04.29 වන දින සිදුකරන ලදී.
මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදාධිපති වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් දින හයක් ඇතුලත වාට්ටු අංක 36 කොවිඞ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකකයක් ලෙසට පරිවර්ථනය කළ අතර, එය නිල වශයෙන් රෝහල් අධ්යක්ෂ වෙත භාර දීම 2020.05.10 වන දින සිදුකරන ලදී.
2020.05.19 දින 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි අණදෙන නිලධාරිණි ලූතිතන් කර්නල් කේඒඑස්එස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය ලූතිතන් කර්නල් නිලයට උසස් වීම් ලද අතර, ඉසේබ අභිමානවත් ඉතිහාසයේ ලූතිතන් කර්නල් නිලයට පත් ප්‍රථම කාන්තා නිලධාරිණිය ලෙස තත් නිලධාරිණිය ඉතිහාසගත විය.
මෙම බලකායේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලෙස 2020.06.01 වන යුද්ධ හමුදා මූලස්ථානයේදී නව ධූරයෙහි වැඩ භාර ගන්නා ලදී.
ඉසේබ ඉතිහාසයේ කර්නල් නිලයට පත් ප්‍රථම ස්වේච්ඡා නිලධාරි ලෙස ඉසේමවැ සේනාවිධායක කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න 2020.06.06 දින නව නිලයට උසස්වීම් ලැබීය.
4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 7 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ජීඒ බන්දුල යූඑස්පී එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.05 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 6 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඒඑම්ඒඑස් අළුගොල්ල ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.05 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස මේජර් එච්කේසීකේ හෙට්ටිආරච්චි ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.07 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
15 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි නව අණදෙන නිලධාරි ලෙස මේජර් එම්පීසීඑන් ගුණසේන එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.09 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
ඉංජිනේරු සේවා අධ්යක්ෂ හා කර්නල් සේනාවිධායක ඉසේබ ලෙස කටයුතු කරන බි්රගේඩියර් ආර් ගනේගොඩ පීඑස්සී 71 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 2020.10.10 වන දින මේජර් ජෙනරාල් නිලයට නිල උසස් වීම් ලැබීය.
බංග්ලාදේශයේ කොනොනි විද්‍යාපීඨයේ පැවති 67 වන කොනොනි පාඨමාලාව හැදෑරූ ප්‍රථම ඉංජිනේරු සේවා බලකා සෙසුනිලයා ලෙස සෙ/752771 කෝප්රල් හර්ෂණ ඩබ්කේපී පත් විය.
අංක 6 භකාස මාණ්ඩලික නිලධාරි පාඨමාලාවේ හොඳම සමස්ථ කාර්ය සාධනයට හිමි සම්මානය යුද්ධ හමුදාධිපතිතුමන් අතින් මෙම බලකායට අයත් මේජර් කේඒජේ පුෂ්පකුමාර ඉසේබ නිලධාරි විසින් ලබා ගන්නා ලදී.
1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 18 වන අණදෙන නිලධාරි ලෙස මේජර් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.22 දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි ලෙස ලූතිතන් කර්නල් එස්ඞීඑන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.10.27 දින නව තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි පස් වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඩබ්ලිව්සී ගමගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.11.26 වන දින සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
මෙම බලකායේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මාණ්ඩලික ප්‍රධාන හා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඞීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020.12.15 වන දින විශ්‍රාම යාම නිමිත්තෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම බලකාය වෙත සිදුකළ අමිල සේවයට කෘතගුණ සලකණු වස් සංවිධානය කෙරුනු උත්සව අවස්ථාව 2020.12.11 වන දින රෙමඉසේබ පරිශ්‍රයේදී නිරෝධායන නීති රීති වලට අනුව අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
2021 වර්ෂය
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල හබරකඩහි නව සේනාවිධායක ලෙස ලූතිතන් කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.01.06 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව ධුරයෙහි වැඩ ආරම්භ කරන ලදී.
71 වන බලකා සැමරුම් උත්සවය නිරෝධායන නීති රීති වලට අනුව 2021.01.10 වන දින සම්ප්‍රදායානුකූලව සිදුකරන ලදී.
මධ්‍යස්ථාන සේනාවිධායක බි්රගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර අත්හැරීමේ උත්සවය 2021.01.11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
නව මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩ භාර ගැනීමේ උත්සවය 2021.01.13 වන දින පැවති අතර, එම උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයෙහි නව අධ්යක්ෂ ලෙස බි්රගේඩියර් කේඑම් එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි නව තනතුරෙහි වැඩ ආරම්භ කිරීම 2021.01.15 වන දින යුද්ධ හමුදා මූලස්ථාන ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේදී සිදුකරන ලදී.
ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඑස්සී ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) තනතුරෙහි 2021.01.19 වන දින වැඩ ආරම්භ කරන ලදී.
ආඥාපති, ඉනපෙ (මුලතිව්) හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඒකකයේ යටිතල පහසුකම් හා නවාතැන් පහසුකම් පරීක්ෂා කිරීම පිණිස 2021.03.12 වන දින පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත සංචාරය කරන ලදී.
මෙම බලකා හතරවන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එන්ජේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.03.24 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව ධූරයෙහි වැඩ ආරම්භ කරන ලදී.
ඉංජිනේරු සේවා වෘත්තීය පාසලෙහි 22 වන සේනාවිධායක ලෙස කර්නල් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.03.24 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
යුද්ධ හමුදා භකාස පාසල විසින් පවත්වන ලද කණිෂ්ඨ නිලධාරි භකාස පාඨමාලා අංක 17 හි ප්‍රථම ස්ථානය ඉංජිනේරු සේවා බලකායට අයත් කපිතන් වයිඑම්එන්එස්බී බැද්දේවෙල ඉසේබ නිලධාරි විසින් හිමිකර ගන්නා ලදී.
10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ආර්පීඒ රෝහණ යූඑස්පී එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.06.14 දින මූලස්ථානයෙදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් එච් කේසීකේ හෙට්ටිආරච්චි ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.06.16 දින නව තනතුරෙහි සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ 15 වන සේනාවිධායක වශයෙන් ලූතිතන් කර්නල් එච්කේඑල් එස් සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.07.07 දින නව තනතුරෙහි සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
6 (ස්වේ) ඉසේරෙ මැලේවීදිය ක`දවුර එම භූමියෙන් ඉවත් වී 2021.08.04 වන දින සිට ඕවිටිගම, මීගොඩ ප්‍රදේශයේ ස්ථිර වශයෙන් ප්‍රතිස්ථාපනය කරන ලදි.
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දිගු කාලීන අවශ්‍යතාවයක් ව පැවති නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න ගොඩනැගිල්ල, කර්නල් සේනාවිධායක ඉසේබ හා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඞීසී පීඑස්සී එම්පිල් ගේ අතින් 2021.09.02 වන දින නිරෝධායන නීති රීති වලට අනුව විවෘත කරන ලදී.
2021.09.10 වන දින ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස(මුලතිව්) සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්නා ලදී.
ඉංජිනේරු සේවා බලකා 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්යක්ෂ බි්රගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021.09.11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
යුද හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් අයවළුන් හට රණවිරු සුභසාධනයන් වැඩි ප්‍රමාණයක් සිදුකිරීම වෙනුවෙන් මුදල් උපයාගැනීමේ අරමුණින් යුතුව ඉසේබ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව ඉදිකරන ලද ඉසේබ සේවා වනිතා ශාඛා ලිපි ද්‍රව්‍ය වෙළඳසැල 2021.12.26 දින කර්නල් සේනාවිධායක ඉසේබ සහ ඉසේබ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
2022 වර්ෂය
ඉංජිනේරු සේවා බලකායට වසර 72 ක් සපිරෙන 2022.01.10 වන දින ඊට අදාල උත්සවය රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සීමිත නිලධාරින් හා සෙසුනිලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පැවැත්විණි.
මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ ලෙස කටයුතු කල බි්රගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.02.14 වන දින එම තනතුර අත්හරින ලදී.
2022.02.15 වන දිනට යෙදුණු සුභ මොහොතින් ඉංජිනේරු සේවා බලකා 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බි්රගේඩියර් ඊඒඞීකේ එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි නව ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
භකාස අණසක මූලස්ථානයේ බි්රගේඩියර් (භකාස) ලෙස බි්රගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.02.15 වන දින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි 22 වන සේනාවිධායක ලෙස කර්නල් එම්එස්ඞී පෙරේරා යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.05.09 වන දින නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 4 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඊඒඞීපී එදිරිසිංහ එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.05.11 වන දින නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදී.
ඉංජිනේරු සේවා වෘත්තීය පාසලෙහි 23 වන සේනාවිධායක ලෙස ලූතිතන් කර්නල් ආර්එස් පුංචිහේවා යූඑස්පී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.05.12 වන දින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මුලතිව් හි 4 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඊඅයි චතුරංග එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.05.16 වන දින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය ඉදිරිපිට පිහිටි ‘ක්‍රියේටර්ස්‘ සුභ සාධක වෙලදසැල් ගොඩනැගිල්ලෙහි බිම් මහලෙහි Creators Military Items & Textile වෙලඳසැල යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ මහජනතාවගේ ප්‍රයෝජනය සදහා 2022.06.10 වන දින ඉංජිනේරු සේවා අධ්යක්ෂ හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බි්රගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අතින් විවෘත කරන ලදී.
1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ආරම්භයේ සිට ස්ථාපනය කර තිබූ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ගොඩනැගිල්ලෙන් ඉවත්වී නවතමයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය ඉදිරිපිට ජලපොම්පාගාරය අසල ඉදිකරන ලද තුන් මහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිස්ථාපනය කිරීම 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු 72 වන ඒකක දින සංවත්සර උත්සවට සමගාමීව 2022.08.01 වන දින ඉංජිනේරු සේවා අධ්යක්ෂ හා කර්නල් සේනාවිධායක ඉසේබ බි්රගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
මේජර් ජේකේඑම්ආර්කේ රණසිංහ ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි ලෙස 2022 අගෝස්තු මස 24 වන දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී.
ප්‍රදේශයේ යුධ හමුදා සහ සිවිල් පුද්ගලයින් වෙත සහනදායී මුදලකට ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉංජිනේරු සේවා බලකාය ‘ක්‍රියේටර්ස් සුභසාධක වෙළඳසැල‘ හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල පරිශ්‍රයේ දී ඉංජිනේරු සේවා අධ්යක්ෂ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බි්රගේඩියර් කේඑම්එස් කුමාර විසින් 2022.09.14 වන දින විවෘත කරන ලදී.
2023 වර්ෂය
ඉංජිනේරු සේවා බළකාය සිය 73 වැනි සංවත්සරය 2023 ජනවාරි 10 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී.
වසර 28 ක ආදර්ශමත් සහ විශිෂ්ඨ සේවයක් ඉටුකර 2023 පෙබරවාරි 02 දින 1 බළකායේ බි්රගේඩියර් (පාලන හා භකාස) ලෙස කටයුතු කළ බි්රගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉංජිනේරු සේවා බලකායෙන් විශ්‍රාම ගන්නා ලදී.
මේජර් ටීජීඑස්සී තලගහවත්ත යූඑස්පී පීඑස්සී එල්එස්සී ඉසේබ 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි ලෙස 2023 පෙබරවාරි 10 වන දින වාසවිලාන් හි 5 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
යුද හමුදා භඨ කාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රීලවියාඉබ මේජර් ජෙනරාල් එස්පීඅයිඑම්බී සමරකෝන් එච්ඞීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023.02.16 වන දින පාලන පරීක්ෂණය රෙමඉසේබ හිදී පවත්වන ලදී.
බි්රගේඩියර් ඊඒඞීකේ එදිරිසිංහ විසින් 2023.04.17 වන දින රෙමඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර අත්හරින ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි බි්රගේඩියර් (පාලන හා භකාස) ලෙස බි්රගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ 2023.04.18 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
ප්‍රදේශයේ යුධ හමුදා සහ සිවිල් පුද්ගලයින් වෙත සහනදායී මුදලකට ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉංජිනේරු සේවා බලකාය ‘ක්‍රියේටර්ස් සුභසාධක වෙළඳසැල‘ හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල පරිශ්‍රයේ දී ඉංජිනේරු සේවා අධ්යක්ෂ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බි්රගේඩියර් කේඑම්එස් කුමාර විසින් 2022.09.14 වන දින විවෘත කරන ලදී.
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලහි 17 වන සේනාවිධායක ලෙස ලූතිනන් කර්නල් ආර්එම්එස්කේ රත්නායක ඉසේබ 2023.05.03 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල හිදී වැඩ භාර ගන්නා ලදී.
මේජර් එම්පීඑස් නදීශාන් එල්එස්සී ඉසේබ 7 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 5 වන අණදෙන නිලධාරී ලෙස 2023.05.04 දින වැඩ භාර ගන්නා ලදී.
ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.05.04 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මේජර් ජෙනරාල් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023.05.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලබන ලදී.
කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 22 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2023.05.02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස්වල සුබසාධනය සඳහා 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා ඉංජිනේරු (වැලිකන්ද) විසින් දිනකට ලීටර් 500 ක ධාරිතාවය සහිත ප්‍රති ආශ්‍රැත ජල පෙරනයක් ස්ථාපනය කරන ලදී.
මේජර් ජෙනරාල් කේඑම්එස් කුමාර විසින් 2023.08.18 වන දින ඉසේබ කර්නල් සේනාවිධායක තනතුර සහ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සේවා තනතුර අත්හැර විශ්‍රාම ගන්නා ලදී.
මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඞීසී පීඒස්සී ඉංජිනේරු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස 2023.08.19 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
2023.04.18 වන දින පස්වරු බූස්ස දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ පවුම් 02 ක් පමණ වටිනා ගෙල බැදි රන් මාලයක් සොරකු විසින් කඩාගෙන රේල් පාර දිගේ ඉදිරියට දිව ගොස් ඇති අතර, අදාල කාන්තාව සහාය ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ ඉංජිනේරු සේවා බලකායේ සෙ/එස්108169 ඉසෙ කුමාර ආර්ජීඩී වහා ක්‍රියාත්මක වී ජීවිත අවධානම ද නොතකා සොරා පසු පස ලූහුබැද ගොස් සොරා අල්ලාගෙන ඔහු සහ මාලය අදාල ස්ථානයට පැමිණි රත්ගම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාර දී ඇත. මෙම උදාරතර ක්‍රියාව අගයනු වස්, 74 වන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් පැවති උත්සවයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ප්රශංසාත්මක ලාංඡනයක් ඔහු වෙත පිරිනමන ලදී.
අණදෙන නිලධාරියෙකු වශයෙන් 1 ඉසේරෙ වෙත පැවරෙන ඉංජිනේරු සේවාවන් අඩුපාඩු/ අතපසුවීමකින් තොරව උසස් මූලස්ථාන හා රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයෙන් යුතුව මනා ලෙස සම්බන්ධීකරණය කර ගනිමින් ඉටු කිරීම මෙන්ම වෙසක් උත්සවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන අනෙකුත් උත්සව අවස්ථා මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානය/ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පැවරෙන ලද රාජකාරීන් ඉතා සතුටුදායක අයුරින්ම නිම කිරීමේ ලා දක්වනු ලබන විශිෂ්ඨ හැකියාව සහ උනන්දුව හේතුවෙන් ලූතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 74 වන යුද්ධ හමුදා දිනයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ප්රශංසාත්මක ලාංඡනයක් ප්‍රධානය කරන ලදී.
ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.10.12 වන දින, යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 12 වන අධ්යක්ෂ ජෙනරාල් ලෙස සිය වගකීම් නිල වශයෙන් භාර ගන්නා ලදී.
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝම්බර් 24 වන දින පනාගොඩ 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
2023 ඔක්තෝම්බර් 27 වන දින කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න වෙත විශ්‍රාම ගැනීම වෙනුවෙන් පවත්වන සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය රෙමඉසේබ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී.
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී 2023.11.02 වන දින අතුරුගිරියේ 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) නිල සංචාරය සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ඉංජිනේරු සේවා බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සුහද හමුවක් 2023.11.19 වන දින ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලූතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ 2023 නොවැම්බර් මස 27 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, විසින් 8 (ස්වේ) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට 2023.11.27 වන දින සංචාරය කරන ලදී.
ඉසේබ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකවරුන්ගේ එක් රැස්වීමේ උත්සවයක් 2023.11.25 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා නිලධාරි නිවස්නයේ දී පවත්වන ලදී. ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2023.12.06 වන දින එම තනතුර අත්හරින ලදී.
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බළකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ (ස්වේ) 2023.12.28 දින සංචාරයක නිරත විය.
2023.12.09 වන දින, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී යුධ හමුදා භකාස විද්‍යාලයේ 10 වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී. ඔහු මෙම තනතුර සඳහා කර්නල් නිලයෙන් පත්වන ලද පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වීමද සුවිශේෂී අවස්ථාවකි.
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඞීසී පීඑස්සී, 12 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත හා 2023.12.04 වන දින හා 2023.12.05 වන දින 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත සිය සංචාරය සිදු කරන ලදී.
1971.01.30 වන දින මහනුවර දී උපත ලද එදිරිසිංහ ආරච්චිලාගේ දිස්න කුමාර එදිරිසිංහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තම මව්බිමෙහි ඒකීය භාවය හා ස්වෛරී භාවය සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ඉඳුරාම 2/ලුතිතන් වරයෙකු ලෙස බැඳී ජෙනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත 1991.11.17 වන දින ඇතුලත්ව සිවිල් ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරා 1994.10.19 වන දින ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ඇතුලත්ව 2 ඉසේරෙට අනුයුක්තව ආසේඉ(යාපනය) ලෙස රාජකාරි ආරම්භ කර ඇත. ඉන් අනතුරුව ඉංජිනේරු සේවා බලකාය යටතේ විධායක අධිකාරි, දෙවන අණදෙන නිලධාරි, අණදෙන නිලධාරි, මධ්‍යස්ථාන සේනාවිධායක ආදී තනතුරු හොබවමින් බලකායේ උන්නතිය උදෙසා මහත් සේවාවක් ඉටු කළ බි්රගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ වශයෙන් රාජකාරී ඉටුකරන අතරතුර ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී 2023 දෙසැම්බර් මස 24 වන දින සවස අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර, සේවයේ යෙදී සිටියදී මියගිය ඉසේබට අයත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විය.
ඔහුගේ දේහයේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව 2023 දෙසැම්බර් මස 27 දින සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබීය.
කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී ඉංජිනේරු සේවා බලකායේ 23 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2023.12.29 වන දින ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.