Header Sinhala

බී බළඝණය - 5 ශ්‍රීලසසබ

ධජය

ලාංඡනය

ඉතිහාසය

ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බලකා 5 වන රෙජිමේන්තුව සන්නාහ සන්නද්ධ බලකාය ශක්තිමත් කිරිමේ අරමුණින් පාබල හමුදාවේ භුමිකාව සඳහා 1994 ජනවාරි 6 වන දින රෝක්හවුස් කඳවුරේ දි ලුතිතන් කර්නල් එන් ඒ රණසිංහ ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ නායකත්වයෙන් යුතුව පිහිටවන ලදි. මෙම අවස්ථාව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ඉතිහාසයේ පෙර නොවු විරු පියවරක් ලෙස දැක්විය හැක. ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පාබල හමුදාවේ භූමිකාව සඳහා රෙජිමේන්තුවක් පිහිටුවිමට සහ යෙදවිමට අවශ්‍ය වු පළමු අවස්ථාව එය විය. පසුකාලීනව රෙජිමේන්තුව සන්නද්ධ රථ වලින් සමන්විත වු අතර 2009 හි මානුෂිය මෙහෙයුම අවසන් වන තුරුම සම්භාව්‍ය භුමිකාවේ බොහො මෙහෙයුම් සඳහා දායක විය.

2009 වසරේ අගභාගයේදී ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බලකා 5 වන රෙජිමේන්තුව ආසේමු (කිළි) යටතට පත්කර සන්නද්ධ සම්බන්ධීකරණ මුලස්ථානය ලෙස පරිවර්තනය කරන ලදි. අතිරේක ප්‍රහාරක බලකාය නගාසිටුවිමේන් පසුව සන්නද්ධ සම්බන්ධීකරණ මුලස්ථානය - බී බළඝණය 5 ශ්‍රීලසසබ ලෙස නම් කරන ලදි.

දැක්ම/මෙහෙවර

පලවන බලකායේ දැක්ම, මෙහෙවර සහ අරමුණු සාක්ෂාත් කර ගැනිමට සන්නද්ධ බලකාය පහත අංශයන් සඳහා දායක විය.

  1. බහු කාර්යයත්වය සහ පහරදිමේ හැකියාව සපයයි.
  2. අවශ්‍ය වෙඩි බලය ලබා දිම.
  3. සන්නද්ධ රථවල සුවිශේෂි විශේෂාංග භාවිතයෙන් වේගවත් ප්‍රතිචාරයක් ලබාදීම.
  4. සම්ප්‍රදායික සහ ප්‍රථිත්‍රස්ත මෙහෙයුම් වලදී තිරණාත්මක හස්තයක් ලෙස කටයුතු කිරීම.
  5. ඒකාබද්ධ හා අන්තර් ක්‍රියාකාරී මෙහෙයුම් හැකියාව.

1. ගැටුමක් ඇතිවන සැම අවස්ථාවකම අවශ්‍ය වෙඩි බලය සැපයිම සහ නිවාරක බලයක් ලෙස 1 වන බලකායේ ජංගම ප්‍රහාරක සංචිතය ලෙසත් කටයුතු කරමින් ජාතිය ආරක්ෂා කිරිමට කටයුතු කිරිම.

කාර්යයන්

1 වන බලකාය වෙතින් සිදුකරනු ලබන විවිධ ආකාරයේ මෙහෙයුම් වලදි සන්නද්ධ බලකාය කාර්යයන් පහත පරිදි වේ.

සම්ප්‍රදායක මෙහෙයුම්

  1. සතුරු සන්නද්ධ රථ විනාශ කිරිම.
  2. පාබල හමුදාව හා එක්ව සතුරා සමග ආසන්න සටන් සිදුකිරිම.
  3. සතුරා මුණගැසෙන තෙක් ඉදිරියට ගමන් කිරිම හා සතුරා සමග සටන් කරමින් ඉදිරියට ගමන් කිරිම.
  4. සතුරාට පහරදිම සහ විනාශ කිරිම.
  5. විනිවිදයාම කඩාවැදීම සහ ලුහුබැදිම.
  6. ආවර්න වෙඩි බලය සැපයිම.
  7. ජංගම සහ ස්ථානිය ආරක්ෂක ක්‍රියාන්විතයන් සිදු කිරිම.
  8. ප්‍රථිප්‍රහාර ලබාදිම සහ ප්‍රථිවිනිවිද යාම.
  9. න්‍යෂ්ටික ප්‍රහාර වලදි ආරක්ෂාව සැපයිම.
  10. ඔත්තු බැලිම සහ තෙරතුරු රැස්කිරිම.
  11. ජංගම අතිරේක ප්‍රහාරක සංචිතයක් ලෙස කටයුතු කිරිම.

අධි තිව්‍රතා මෙහෙයුම්(COIN)

  1. පාබල හමුදා සමග එක්ව ප්‍රදේශ ආධිපත්‍ය තහවුරු කිරිම.
  2. සතුරු ස්ථානයන්ට ප්‍රහරදිම
  3. පාබල හමුදා සදහා සමිප වෙඩි සහය ලබාදිම.
  4. යුද්ධ ටැංකි සදහා ආරක්ෂාව සැපයිම.
  5. පාබල හමුදා ඉවත් කර ගැනිම.
  6. ජංගම අතිරේක ප්‍රහාරක සංචිතයක් ලෙස කටයුතු කිරිම.
  7. ගුවන් ආරක්ෂාව සැපයිම.
  8. ප්‍රථිසංවිදානය.
  9. පැති ආරක්ෂාව.
  10. විනිවිදයාම කඩාවැදිම සහ ලුහුබැදිම.

අඩු තිව්‍රතා මෙහෙයුම් (IS)

  1. ආරක්ෂාව
  2. විමර්ශණය.
  3. මහජනතාව සහ සමිපත් පාලනය කිරිම.
  4. හමුදා හා සිවිල් ක්‍රියාකාරකම්.
  5. අවශය පරිදි ප්‍රහාරක හා ආරක්ෂක මෙහෙයුම්.
  6. පිරිස් විසුරවා හැරිම.
  7. මාර්ග භාධක
  8. වටලා සෙවිමේ මෙහෙයුම් වලදි වැටලිමේ කණ්ඩය ලෙස කටයුතු කිරිම.
  9. රථ පෙලවල් සදහා හෝ විශේෂ පුද්ගලයන් සදහා පරිවාර සෙබලු සැපයිම.
  10. බලය පෙන්විමේ මෙහෙයුම් සදහා.

විශේෂ ක්‍රියාන්විත

  1. මහජන සහභාගි මෙහෙයුම්.
  2. ජාතික ආපදා/හදිස්සි අවස්ථා වලදි සිවිල් අදිකාරියට ආධාර කිරිම.
  3. සිවිල් පිරිස් සහ හමුදා සම්බන්ධිකරණ ක්‍රියාවන්.
  4. සිවිල් අධිකාරයන් සදහා හමුදා මගපෙන්විම ලබා දිම.
  5. ප්‍රථිසංවිධානය.
  6. ඉක්මන් ප්‍රථිචාර දැක්විම.
  7. භටපිරිස් ඉවත් කිරිම.
  8. එකාබද්ධ මෙහෙයුම්.
  9. කැරලි පාලනය
  10. සංනිවේදනය.