Header Sinhala

7 ශ්‍රීලවියාඉ

ලාංඡනය

ධජය

>

ඉතිහාසය

උතුරු මානුෂීය මෙහෙයුම මගින් මෙම ප්‍රදේශය ත්‍රස්තවාදින්ගෙන් මුදාගැනීමෙන් පසු එහි වූ සිවිල් ජනතාවගේ ආරකෂාව හා බිදවැටුණු සමාජ තත්වය යලි ගොඩනැංවීම මූලික අරමුණ කරගෙන ආ‍රක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය ස්ථාපනය කරන ලද අතර, එම අරමුණ ඉටු කර ගැනීමෙදී මෙම ආසේමු යටතේ ස්ථාපිත සේනාංක බලසේනා සහ ඒකක සදහා අවශ්‍ය කරන වියාඉ සහාය ලබා දීම හා ප්‍රදේශය ගොඩ නැංවීමේදි අවශ්‍ය කරන කාර්මික සහය ලබා ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලිකත්වය ඇතිව වියාඉ කාර්මිකයන් හය දෙනෙක් සමගින් 2009 ජුනි 30 දින ස්ථාපිත කරන ලදී.

පසුව ආසේමු (කිලිනොච්චිය) හා ඉනපෙ (කිලිනොච්චිය) ආඥාපති වරුන්ගේ සහයෝගය මත ආසේමු කිලිනොච්චිය බල ප්‍රදේශය ඉතා වේගවත්ව දියුණු වූ අතර, ඊට අවශ්‍ය වියාඉ කාර්මික සහය හා දැනුම ලබාදීම සදහා 2009 ඔක්තොම්බර් මස 02 වැනි දින නිලධාරීන් දෙදෙනෙකු හා සෙසු නිලයින් 35 දෙනෙකුගෙන් යුක්ත ව මෙම වැඩපල නිලධාරී අණදෙන භටපිරිස් - ශ්‍රීලවියාඉ (කිලිනොච්චිය) වශයෙන් ස්ථාපනය වූ අතර, ඒ යටතේ 65 සේමු ක්‍ෂේත්‍ර වැඩපල , 66 සේමු ක්‍ෂේත්‍ර වැඩපල , 3 වන කාර්ය සේනාංක ක්‍ෂේත්‍ර වැඩපල සහ 57 සේමු සුළු ආධාරක අංශය පැවතුනි.

2010 වර්ෂය අවසන් වන විට නිඅභපි - ශ්‍රීලවියාඉ කිලිනොච්චිය නිළධාරීන් තිදෙනෙකුගෙන් හා කාර්මික සෙබළුන් සියයකට වැඩි පිරිසක් ලෙස වර්ධනය විය. ඉන්පසු 2010.12.23 දින සිට 7 වන ශ්‍රීලවියාඉ බළඇණිය ලෙස ආසේමු (කිලි) යටතේ ස්ථාපිත වන ලදි. දැනට මෙම 7 වන ශ්‍රීලවියාඉ බළඇණිය 1 බලකාය යටතේ ස්ථාපිතව ඇති අතර, 1 බළකාය සහ ඒ යටතේ ඇති ඒකකයන්ට, ආසේමු (වන්නි) යටතේ ඇති 65 සේමු සහ ආසේමු (මුලතිව්) යටතේ ඇති 57 හා 66 සේමු යන්හි වියාඉ සහාය සැපයීම සිදු කරන අතර, මේවන විට මෙම බළඇණිය මගින් මධ්‍යම වැඩපල, ක්‍ෂේත්‍ර වැඩපල 03ක් සහ සේවා ස්ථානයක් ස්ථාපිත කර පවත්වා ගෙන යයි.

දැක්ම

1. බළකායේ වගකීම තුළ ඵලදායී ශ්‍රීලවියාඉබ සහාය ලබා දීමේ පුරෝගාමියා වීම.

මෙහෙවර

1. බලකාය පිහිටුවීම තුළ විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, දෘශ්‍ය සහ ජෛව වෛද්‍ය උපකරණ සහ ආයුධ සඳහා අළුත්වැඩියා කිරීම, නඩත්තු සහ සේවා සහාය සැපයීම

කාර්යභාරය

  1. බලකායේ වගකීමේ සියළුම විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, දෘශ්‍ය සහ ජීව වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරී යෝග්‍යතාවය සහතික කිරීම.
  2. 1 බලකායේ බල ප්‍රදේශයට අයත් සියළුම සේමු, බසේමු සහ බළඇණි සැලකිල්ලට ගනිමින් වියාඉ බලකායට අයත් අදාල ප්‍රදේශ වලට ලබා දී ඇති බලකා භට පිරිස් සහාය සදහා වියාඉ මධ්‍යම වැඩපල, ක්‍ෂේත්‍ර වැඩපලවල් සහ ආධාරකයන් සපයා ඇති අතර, වාහන අළුත්වැඩියාව හා නඩත්තුව අණදෙන නිලධාරි 7 ශ්‍රීලවියාඉබ අධීක්ෂණය යටතේ ඉටු කරයි.
  3. සාම කාලය තුල පලමු බලකායට අයත් සියළුම වාහන උපකරණයන් කාර්යන් වල නිරත කිරීම සදහා සුදුසු තත්වයේ පවතීද යන්න 1 බලකායෙහි 7 වන වියාඉ බලකායේ අණදෙන නිලධාරී අධික්‍ෂණය යටතේ සිදු කරනු ලබයි. එම කටයුතු සිදුකර යාමේදී අවශ්‍ය වන අමතර කොටස් හා සේවාවන්ට අදාල මුල්‍යම ප්‍රසම්පාදන කටයුතු සිදු කරයි.
  4. සාම කාලයන් තුලදී 57, 65, 66 සේමු වලට අදාල වියාඉ සහය ලබා දීම 7 වන වියාඉ බලකායේ අණදෙන නිලධාරි සතු වගකීමයි. අදාල සේමු වල මිලදී ගැනීම් කටයුතු වලදී සිදුවන ප්‍රසම්පාදන කටයුතු ඉටු කරනු ලබයි. තවද, එම සේමු වල ඇති අළුත්වැඩියාවන්, නඩත්තු කිරීම්, සේවා කටයුතු හා ආපදාහරණ කටයුතු සිදු කරනු ලබයි.
  5. 1 බලකායට යටත් බල ප්‍රදේශයේ වාහන උපකරණයන්හි වාර්ෂික පරීක්ෂණයන් හා සේවාවන් සැපයීම 7 වන වියාඉ බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ වියාඉ අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් වලට යටත්ව සිදු කරනු ලබයි.
  6. ක්‍රියාන්විත මෙහෙයුම් සිදුවන ප්‍රදේශ සදහා වියාඉ බළඇණි හරහා මෙහෙයුම් භට පිරිස් වෙත වියාඉ කණ්ඩායම් ආපදාහරණ සේවාවන් අනියුක්ත කිරීම වියාඉ අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් අනුව එම භට පිරිස් 7 වන වියාඉ බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය හරහා 1 බලකාය යටතේ සිදුවනු ඇත.
  7. ක්‍රියාන්විත මෙහෙයුම් සිදුවන කාලය තුල වියාඉ ආධාරක සැලැස්ම 7 වන වියාඉ බලකායේ අණදෙන නිලධාරි විසින් 1 බලකාය යටත්ව සියළුම වියාඉ කාර්යයන් ඉටු කරනු ලබයි. අධීක්ෂණය, අළුත්වැඩියාව, මූල්‍ය වගකීම සදහා 7 වියාඉ අණදෙන නිලධාරි විසින් වගකීම් දරණ අතර, වියාඉ අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් වලට අනුව 1 බලකාය යටතේ ආධාරක අණදෙන නිලධාරි ලෙස කටයුතු කරනු ලබයි.

කාර්යයන්

1. 1 බලකාය පිහිටුවීමේ සියළුම විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, දෘශ්‍ය සහ ජීව වෛද්‍ය උපකරණ අළුත්වැඩියා කිරීම, නඩත්තු සහ සේවා කිරීම සිදු කිරීම හා ආපදාහරණ සේවා ලබාදිම.

2. 7 වන බළඇණිය ශ්‍රිලවියාඉබ හි දීමනා, සෙසුනිල සහ හමුදාගත පදනම මත බදවාගත් සිවිල් කාර්මිකයින්ගේ පරිපාලන සහ සැපයුම් කටයුතු සිදු කිරීම.

3. 1 බලකායේ වගකීමේ වාහන සේවා සැපයීම.

මේජර් එස්එම්ඒඩිසිඑම් සම්මන්දප්පෙරුම එල්එස්සි
කා:නි: අණදෙන නිලධාරි


පසුගිය අණදෙන නිලධාරීන්

නිළය

නම

සිට

දක්වා

ලුති:කර්නල්

ටීඒ පිරිස්

05.05.2011

22.09.2013

මේජර්

එච්ඩීඒඑන් හෙට්ටිගේ

22.09.2013

20.04.2015

ලුති:කර්නල්

එච්ඩීඒඑන් හෙට්ටිගේ

20.04.2015

17.03.2017

මේජර්

එච්පිඑල් ද අල්විස් එල්එස්සි

17.03.2017

11.11.2018

මේජර්

එම්එස්ආර් මොහොමඩ් එල්එස්සි

11.11.2018

25.01.2020

ලුති:කර්නල්

එම්එස්ආර් මොහොමඩ් එල්එස්සි

25.01.2020

12.11.2020

මේජර්

ඩීඑම්සීඑම් වීරකෝන් එල් එස්සී

මේජර්

එස්එම්ඒඩිසිඑම් සම්මන්දප්පෙරුම එල්එස්සි

ඇමතුම් විස්තර

තැපැල් ලිපිනය : මුලස්ථානය 7 ශ්‍රීලවියාඉබ ප්‍රාදේශීය ආරක්ෂක මධ්‍යස්ථානය, කොකාවිල්, කිලිනොච්චිය
විද්‍යුත් තැපැල් ලිපිනය : : sevensleme@yahoo.com
දුරකථන අංක : 021 2282291