Header Sinhala

7 ශ්‍රීලයුසේබ

ධජය

ලාංඡනය

ඉතිහාසය

උතුරු ප්‍රදේශය මුදවා ගැනිම සදහා පැවති මානුෂිය මෙහයුමේ ඉදිරිසැපයිම් හා ප්‍රවාහන රාඡකාරින් ඉටු කිරිම සදහා මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශ ආවරණය වන පරිදි 3 ශ්‍රිලයුසේබ (තිසාවැව) ඒකකය යටතේ ශ්‍රිලයුසේබ අංශයන් ස්ථානගත කර ඉදිරි මෙහෙයුම් සැපයිම් හා ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරන ලදි.මානුෂිය මෙහෙයුම නිමාවිමත් සමගම 6 ශ්‍රිලයුසේබ ඒකකය මුලතිවි හි ස්ථාපනය කරනු ලැබු අතර, එහි සංයුක්ත බළගණයක් ලෙස 620 සංබ ශ්‍රිලයුසේබ බළඝණය කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද අතර, ක්‍රමයෙන් ආසේමු (කිළි) බළ ප්‍රදේශයේ භඨ පිරිස් ව්‍යාප්ත විමත් සමගම ප්‍රදේශයේවඩාත් කාර්යක්ෂම ලෙස සැපයිම් හා ප්‍රවාහන අයශ්‍යතා ඉටු කිරිම සදහා 620 සංයුක්ත බළඝණය 7 ශ්‍රිලයුසේබ ලෙසින් 2011.04.27 වන දින ආසේමු (කිළි) බළ ප්‍රදේශය තුල සැපයීම් බළඝණය, පොදු ප්‍රවාහන බළඝණය, සංයුක්ත බළඝණ 02කින් සහ ව්‍යුක්ත ඛණ්ඩයකින් සමන්විතව ස්ථාපනය විය. එතැන් පටන් මේ දක්වා ප්‍රදේශයේ සැපයිම් හා ප්‍රවාහන රාඡකාරි ඉටු කරනු ලබයි

දැක්ම

1 බලකා මූලස්ථානය හා ඒ යටතේ පාලනය වන ඒකකයන්, 57 පාබල සේමු, 65 පාබල සේමු හා 66 පාබල සේමු යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි රාජකාරි කරනු ලබන භටපිරිස් වෙත සැපයීම් හා ප්‍රවාහන අවශ්‍යතා සපුරාලමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කාර්යක්‍ෂම හා ඵලදායි ආයතනයක් වීම අපගේ දැක්මයි.

මෙහෙවර

අපගේ මෙහෙවර වන්නේ යුධ හමුදාවේ සම්පත් හා ආර්ථික වටිනාකමක් සහිතව වෘත්තීය කුසලතා කාර්යක්‍ෂමතාවයෙන් හා ඵලදායි ලෙස භාවිතා කරමින් භට පිරිස් සහ ආයතන වෙත සැපයීම් හා ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳය මිත්‍රශීලි සේවාවක් සැපයීමයි.

කාර්යභාරය

අපගේ මූලික කාර්යභාරය වන්නේ 1 බලකා මූලස්ථානය හා ඒ යටතේ පාලනය වන ඒකකයන්, 57 පාබල සේමු, 65 පාබල සේමු හා 66 පාබල සේමු යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන් වෙත සැපයීම් හා ප්‍රවාහන රාජකාරීන් සැපයීමයි.

මේජර් කේඑම්එස්එන් ප්‍රේමරත්න යුඑස්පී එල්එස්සී
අණදෙන නිලධාරී


අණදෙන නිලධාරිවරුන්

නිලය

නම

සිට

දක්වා

ලුතිතන් කර්නල්

එච්ජේබී වනිගසේකර යූඑස්පී

2011/04/25

2012/11/12

මේජර්

එස්ඩීඑන්සී ද සිල්වා

12/11/2012

25/01/2013

ලුතිතන් කර්නල්

ඒකේ රාජපක්‍ෂ

25/01/2013

06/02/2015

මේජර්

ජීටීසී මදුරාවල (වැබ)

06/02/2015

06/03/2015

ලුතිතන් කර්නල්

එස්ඩීඑන්සී ද සිල්වා

06/03/2015

10/09/2017

ලුතිතන් කර්නල්

අයිබී දසනායක

15/09/2017

12/11/2019

ලුතිතන් කර්නල්

එච්ආර්පීජීඅයිඑස් බංඩාර

14/11/2019

24/09/2021

මේජර්

ඩබ්ජීටීපීඩීකේ වේරගම එල්එස්සී

25/09/2021

 

මේජර්

කේඑම්එස්එන් ප්‍රේමරත්න යුඑස්පී එල්එස්සී

 

රියදුරු පාඨමාලා පැවැත්වීම

සම්බන්ධකරගත හැකි විස්තර

ලිපිනය : 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, යුහ කඳවුර, මුරුකණ්ඩි, කිලිනොච්චිය
විද්‍යුත් තැපෑල : 7slasc@army.lk
දුරකථන අංකය : 021 2060121