Header Sinhala

6 ශ්‍රීලයුයුබ

ධජය

ලාංඡනය

ඉතිහාසය

වන්නි මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුවද, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශයන්හි යොදවා ඇති භට පිරිස් සඳහා අවශ්‍ය සියලුම යුධෝපකරණ සැපයුම් 2 වන රෙජිමේතුව ශ්‍රීලයුයුබ විසින් සපුරාලන ලදී. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය නිසා කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි සේමු/බසේමු සඳහා ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවක් ඇතිවීම හේතුවෙන් එයට පිළියමක් ලෙස, සේමු/බසේමු මූලස්ථානයට අනුයුක්තව සිටි ඉදිරි යුධොපකරණ ගබඩා කණ්ඩායම් නිදහස් කර ඉනපෙ (කිලි) යටතේ පාලනයට ගන්නා ලදී.

නව නිලධාරි අණදෙන භට කණ්ඩායම (කිලි) භාරතීපුරම් දෙමළ විද්‍යාලය ඉදිරිපිට අක්කර 5 ක භූමි භාගයක එවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක වශයෙන් සේවය කරන ලද බ්‍රිගේඩියර් එම්ඉසෙඩ්ආර් සලේ යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ පිහිටුවන ලදී. එය ලුතිතන් කේඑච්ඩිඑම් මහේෂ් විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, 2009 ඔක්තෝබර් 04 දින එවකට කර්නල් (පාලන භකාස) 58 සේමු කර්නල් එච්එල් ගුරුගේ ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් විවෘත කරන ලදී.

මේජර් ඒජීසීආර් අමරසිංහ එහි පළමු නිලධාරි අණදෙන ලෙස 2010 ජනවාරි 31 වන දින පත් කරන ලද අතර ඉන් පසුව ලුතිනන් කර්නල් ජේ රණහේවා ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2010 මැයි 07 දින දෙවන නිලධාරී අණදෙන ලෙස පත් කරන ලදී. ආරක්ෂක සේනා මූලස්ථානයේ (කිලි)යුධෝපකරණ අවශ්‍යතා සපුරාලන මෙම නිලධාරි අණදෙන භට කණ්ඩායම 6 වන ශ්‍රීලයුයුබ රෙජිමේන්තුව ලෙස 2010 ජූනි මස 09 වන දින ARO 173/2009 විසින් නම් කරන ලදී.

ලුතිනන් කර්නල් ජේ රණහේවා ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 6 වන රෙජිමේන්තුව ශ්‍රීලයුයුබ හි පළමු අණදෙන නිලධාරී ලෙස සේවය කල අතර 6 වන රෙජි ශ්‍රීලයුයුබ නව කඳවුර 2011 ජුනි 7 වන දින කිලිනොච්චියේ කොකාවිල් හි ස්ථාපිත කරන ලදී. එවකට කර්නල් සේනාවිධායක ලෙස සේවය කල මේජර් ජෙනරාල් ආර්වී උඩවත්ත පිඑස්සි ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ වර්ෂ 2012 දී අන්තර්ජාල පහසුකම් ස්ථාපනය කල අතර එමගින් ස්වයංක්‍රීය ද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය සදහා ප්‍ර‍වේශ වීමට අවස්ථාව සලසා දී ඇත.

නව බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය 2011 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර,නව පුස්තකාලයක් 2012 නොවැම්බර් 14 දින එවකට කර්නල් සේවාවිධායක ලෙස සේවය කල මේජර් ජෙනරාල් ආර්වි උඩවත්ත පිඑස්සි ඒටිඕ ජ්‍යෙෂ්ධ නිලධාරී තුමන් විසින් විවෘත කරන ලදී.

ලුතිනන් කර්නල් ජේඑස් වීරකෝන් ඒඒටිඕ ජ්‍යෙෂ්ධ නිලධාරී තුමන් විසින් ඒකක සංවත්සරය සනිටුවහන් කරමින් ප්‍රධාන ගේට්ටුව ඉදිකර 2014 අප්‍රේල් 12 වන දින විවෘත කරන ලද අතර නව සරඹ පිටියක් 2014 ජුනි 7 වන දින විවෘත කරන ලදී.

දැක්ම

6 වනරෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ දැක්ම වන්නේ 1 බලකාය, 65 සේමූ, 66 සේමූ, 57 සේමූ හා සියළුම යුද්ධ හමුදා සැපයුම් ඒකක විසින් සිදුකරන විවිධ මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය භඨකාර්‍ය සම්පාදන සහය ලබාදිමයි.

මෙහෙවර

6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මෙහෙවර 1 බලකාය, 65 සේමූ, 66 සේමූ, 57 සේමූ හා සියළුම යුද්ධ හමුදා සැපයුම් ඒකක සදහා අවශ්‍ය යුධොපකරණ භාණ්ඩ ඵලදායීව, කාර්‍යක්ෂම සහ වගකීමෙන් යුතුව සැපයීමට අවශ්‍ය වෘත්තීමය/ මිත්‍රශීලි/ නවීන තාක්‍ෂණික ප්‍රවේශයක් සහිතව සැලසුම් මගින් ක්‍රියාන්විත සූදානම සහතික කිරීමයි.

භූමිකාව

මුලස්ථානය 1 බලකාය, 65 සේමූ, 66 සේමූ, 57 සේමූ හා සියළුම යුද්ධ හමුදා සැපයුම් ඒකක සදහා අවශ්‍ය සියලුම යුධෝපකරණ භාණ්ඩ සබැදිව ඇස්තමේන්තු සකස් කිරිම, මිලදි ගැනිම්, ලැබිම්, ගිණුම් කටයුතු, ගබඩාකිරිම, නඩත්තු කිරිම, නිකුත් කිරිම සහ භාවිතයට නුසුදුසු යුධෝපකරණ භාණ්ඩ නැවත භාරගෙන ඈවරක් කිරීමයි.

කාර්යභාරය

  1. වගකීම් වගනීම් බල ප්‍රදේශය තුළ පිහිටි 1 බලකාය, 65 සේමූ, 66 සේමූ, 57 සේමූ හා සියළුම යුද්ධ හමුදා සැපයුම් ඒකක වෙත යුධොපකරණ කාර්යය/ විෂයය පිළිබද උපදෙස් ලබාදීම.
  2. 1 බලකාය, 65 සේමූ, 66 සේමූ, 57 සේමූ හා ඉහල මූලස්ථාන මවතින් ලබාදෙන උපදෙස් මත ක්‍රියාත්මක වීම පිණිස වගකීම් බල ප්‍රෙදේහය තුල ඇතිවන හදිසි/ ආපදා තත්වයකදී හමුදාමය/ සිවිල් අධිකාරීන් වෙත අදාල යුධොපකරණ සැපයුම් සහාය ලබාදීම පිණිස ක්‍රියාන්විත සූදානමක් පවත්වාගෙන යාම.
  3. වගකීම් බල ප්‍රෙද්ශයට අදාලවන සැපයුම් ඒකකයන්හි මානව සම්පත්, වාහන, යන්ත්‍රෝපකරණ වැනි දෑ හා අදාල පර්මාණ කාර්යය මණ්ඩලය පිළිබදව යුධොපකරණ සැපයුම්වලට අදාල දත්ත හා තොරතුරු නඩත්තු කර පවත්වාගෙන යාම හා ඒවා වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
  4. වගකීම් බල ප්‍රෙද්ශයයේ සැපයුම් ඒකක අවශ්‍යතාවය මත සියුළුම වරුගයේ යුධොපකරණ බඩුභාහිරාදිය රාජ්‍ය මුදල් රෙගුලාසි, භාන්ඩාගාර චක්‍රෙල්ඛණ, යුහමූ/ යුසේඅම උපදෙස්වල නියමයන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු කිරීම, ලබාගැනීම, පරීක්ෂා කිරීම, ගබඩා කිරීම, ගිණුම් තැබීම, නඩත්තු කිරීම, නිකුත් කිරීම හා ඈවරයක් කිරීම හා ඊට අදාලළ ස්වංක්‍රීය ද්‍රව්‍ය කළමණාකරණ පද්දතිය මනා ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම මාර්ගයෙන් එම ක්‍රියාවන් පවත්වාගෙන යාම.
  5. ප්‍රමිතිගත, ගැණාත්මක හා ඵලදායී යුධොපකරන සැපයුම් ඛ්‍රමවේදයක් තම වගකීම් බල ප්‍රෙද්හය තුල පවත්වාගෙන යාම සදහා තොගයට ලුබෙන සියළුම යුධොපකරණ බඩුභාහිරාදිය සම්බන්දයෙන් සූක්ෂම හා සියුම් පරීක්සණ ක්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් පිළිගත හැකි ප්‍රමිතියක් තහවුරු කිරීම.
  6. ප්‍රදේශීය ප්‍රසමිපාදන කමිටු ක්‍රියාවලියේදී සියළුම යුධොපකරණ බඩුභාහිරාදිය සම්බන්ධයෙන් වූ පසම්පාදන කාර්යභාරය ප්‍රෘදේශීය ප්‍රසම්පාදන කමිටු මාර්ගයෙන් ඉටු කිරීම හා එම ක්‍රියාවලිය තුල, මුදලට වටිනාකම, සංකල්පය සහ මූල්‍ය කළමණකරන නියමයන් තහවුරු කරමින් ක්‍රියාකිරීම.
  7. යුධොපකරණ බඩුභාහිරාදිය ප්‍රමිතිගත, ගුණාත්මක හා පිළිගතහැකි ලෙස හඒකක වැඩහල මගින් උචිත පරිදි නිර්මාණය, ප්‍රවර්ධනය, නිෂ්පාදනය, අළුත්වැඩියාව හෝ නවීනරණය සිදුකිරීම සහ ඊට අදාල වන සියළුම අමුද්‍රව්‍යයන් නිවැරදි පිළිවෙත අනුව ගිණුම් තැබීම.
  8. යුද්ධ හමුදා මූලස්ථානයේ ශාකා/අම යටතේ වගකීම් බල ප්‍රෙද්ශයේ පාලන භාන්ඩ ලෙස වර්ගකර ඇති සියළුම බාණ්ඩ ප්‍රමාණවත් අතිරේක තොග පවත්වා ගැනවීම, නඩත්තු කිරීම හා ඊට අදාල ගිණුාම් කටයුතු නිවැරදිව සිදු කිරීම.
  9. වගකීම් බල ප්‍රද්ශයේ ස්ථානගත යුද්ධ හමුදා යැපීම් ආයතනයන් හි වාර්ෂික යුධෝපකරණ පරීක්ෂණ ත්‍රියාවලිය මෙහෙය වීම සහ ඊට අදාල පරීක්ෂණ වාර්ථා යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය/යුමුම් ආයතන වෙත ඉදිරිපත් කිරීම/ ප්‍රගතිසමාලෝචනය නියමිත කාලසීමාවන් හිදී සිදුකිරීම.
  10. තම අනසක යටතේ පවතින සියළුම ඉයුග/ ශ්‍රීලයුයුබ ගබඩා අංශයන්හි යුධොපකරණ බඩුභාහිරාදිය ගිණුම් තැබීම, අධීක්සණය, පරිපාලණය, ගිණුම් කටයුතු වගකීම හා වගකිවයුතුබව සහිතව සහ උපරිම ඵලදායීතාවයකින් පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම.
  11. වගකීම් බල ප්‍රද්ශය තුළ පවත්වන සියළුම සමීක්ෂණ මණ්ඩල සදහා කාලාණුරූපව අවශ්‍ය පරිදි යුධොපකරණ නිලධාරි නියෝජිතයින් නම් කිරීම සහ වගකීම් බල ප්‍රදේශයේ ස්ථාපිත ආසේමූ/සැපයුම් ඒකක සමග සමග පුහුණු ක්‍රියාකාරකම් (දේශන/සම්මන්ත්‍රණ වැනි දෑ) මගින් දැනුවකත් කර මග පෙන්වීම.
  12. එදිනෙදා කාර්යයන් ඉටු කීරීමේදී සිදු කරණු ලබන පුහුණුවද ඇතුළුව සියළුම ආවේණික යුධොපකරන වෘත්තීය පුහුණුව හා මගපෙන්වීම තුලින් වගකීම් බලප්‍රෙද්හය තුල පිහිටි සැපයුම් ඒකක නාර්යය මණ්ඩලයන් පුහුණු කරවීම හා එමගින් ඔවුන් තුල උසස් මට්ටමේ කාර්මික නිපුණතාවයක් තහවුරු කීරීම.

මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටීඕ එල්එස්සී
කා:නි: අණදෙන නිලධාරි


පසුගිය අණදෙන නිලධාරීන්

නිළය

නම

සිට

දක්වා

ලුති:කර්නල්

ජේ රණහේවා ඒටීඕ

07.05.2010

24.03.2013

මේජර්

ඩීඑම්වීවී දිසානායක ඒටීඕ

24.03.2013

03.05.2013

ලුති:කර්නල්

ජේඑස් වීරකෝන් ඒඒටීඕ

03.05.2013

10.09.2014

ලුති:කර්නල්

කේඑම්ඒඩබ්කේ පෙරේරා ඒඒටීඕ 

10.09.2014

15.09.2016

මේජර්

වීඩී වරුශවිතාන ඒඒටීඕ

15.09.2016

20.09.2018

ලුති:කර්නල්

එන්අයිආර් සිල්වා ඒටීඕ

20.09.2018

20.10.2020

පුහුණූව

ඇමතුම් විස්තර

තැපැල් ලිපිනය : මුලස්ථානය, 6 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුධෝපකරණ බලකාය, ප්‍රදේශිය ආරක්‍ෂක මධ්‍යස්ථානය (කිලි), කොකාවිල්
විද්‍යුත් තැපැල් ලිපිනය : slaoc6kln@yahoo.com6slaoc@army.lk/td>
දුරකථන අංක : 0113134605, 0212282454