Header Sinhala

5 ශ්‍රීලයුපොහේබ

ධජය

ලාංඡනය

රෙජිමේන්තු ලාංඡනය

හරස් අතට තබා ඇති පිස්තෝල දෙකක් මත සිටගෙන සිටින තම දකුණු උපග්‍රන්ථයේ කඩුවක් සහිත සිංහයෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිසියේ අනුමත ලාංඡනය වේ. තවද දකුණු උපග්‍රන්ථයේ අසිපතක් සහිත සිංහයා තෘප්තිමත් ස්වභාවය සංකේතවත් කරන අතර, පිස්තෝල දෙක අපක්ෂපාති බව නියෝජනය කරයි.

ඉතිහාසය

5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2009 දෙසැම්බර් මස 28 වන දින ආරම්භ කරන ලදී. කිලිනොච්චිය සහ මුලතිව් බල ප්‍රදේශයන් වෙත විනයාරක්ෂක සහය ලබා දීමේ වගකීම මීට පෙර 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව විසින් දරණ ලද්දකි. 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව ආරම්භ කිරිමත් සමගම, ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවති වගකීම් සියල්ල 6 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව වෙත පැවරුණු අතර, ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය බල ප්‍රදේශය සඳහා 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව වගකීම දරයි. මෙම බලඇණිය කනකාම්බියාකුලම් හි පිහිටා තිබු අතර 2011 ඔක්තෝබර් මස 11 වන දින කිලිනොච්චිය, තිරුමුරුක්කන්ඩි යන වර්තමානයේ ඇති ස්ථානයෙහි ස්ථානගත කරන ලදි.

මේ වන විට 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය විනයාරක්ෂක පවුලේ ස්වර්ණමය ඒකකයක් ලෙස වසර 12කට වැඩි කාලයක් සම්පූර්ණ කර ඇත. මෙම බලඇණිය බල ප්‍රදේශය තුල උසස් ප්‍රමිතියකින් යුත් විනය පවත්වාගැනීම සහ බල ප්‍රදේශය තුල සිදුවන නීති විරෝධි ක්‍රියාකාරකම් හදුනා ගැනීම සහ ඒවා අවම කිරිම ස‍දහා මත්ද්‍රව්‍ය භාවිතය, විනය හා රිය අනතුරු ක්‍රියා පිලිවෙත වැනි දේශන පවත්වනු ලබන අතර බල ප්‍රදේශය තුල පවත්වනු ලබන සියළු උත්සව අවස්ථා සදහා ශ්‍රිලයුපොහේබ රාජකාරින් සපයනු ලබයි. 2021.07.16 දින 1 බලකාය පිහිටුවීමෙන් පසුව, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පාලනය වන අතර 1 බලකාය, 57 පාසේමු සහ 66 පාසේමු බල ප්‍රදේශ සඳහා විනයාරක්ෂක සහාය ලබා දෙයි.

දැක්ම

සාධාරණත්වය සහ අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරන, විශ්වාසය ප්‍රබෝධමත් කරන සහ යුද්ධ හමුදා පොලිසියේ විශ්වාසයේ වාතාවරණයක් ඇති කිරීමට දායක වන සංවිධානයක් වීම.

මෙහෙවර

පොලිස් රාජකාරි ඉටු කිරීමේදී හමුදා පොලිසියේ ඉහළම හැසිරීම් ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සහ සහතික කිරීම සහ ඕනෑම හමුදා පොලිස් විමර්ශනයකදි අපක්ෂපාතිව කටයුතු කිරීම

කාර්යභාරය

1. ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කාර්යභාරය සහ කර්තව්‍ය වනුයේ සියලු ආකාරයේ තර්ජන සහ ඕනෑම ආකාරයක ගැටුම් වලදී උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 1 බලකාය වෙත කාර්යක්ෂමව සහ ඵලදායී හමුදා පොලිස් සහාය ලබා දීමය.

2. 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිසියේ මූලික කාර්යභාරය වනුයේ යුද්ධමය තත්වයකදි හෝ සාමය පවතින අවස්ථාවකදි යුද්ධ හමුදාව තුල විනය පවත්වා ගැනීමයි.

  • සියලුම යුද්ධ හමුදා මෙහෙයුම් හා බැදුණූ අනෙකුත් අවශ්‍යතාවයන් වලදී ඊට අවශ්‍ය උපක්‍රමික පොලිස් සහය ලබාදීම.
  • යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය පවත්ගෙනයාම හා අපරාධ වැලැක්වීම සාමකාලයේදී සහ යුද්ධමය වතාවරණයකදි රටේ එකිභාවය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරිම.
  • ආරක්ෂක සේනා/සේනාංක/බළසේනා තුල අවශ්‍ය යුද්ධ හමුදා පොලිස් ඒකක/කණ්ඩායම්/අංශ පිහිටුවා පොලිස් රාජකාරි සැපයීම.

කාර්යයන්

1. යුද්ධ හමුදා පොලිසියේ ක්‍රියාපටිපාටිය සිදුකිරිම කරනු ලබන ප්‍රධාන කාර්යයන්.

  • රථවාහන පාලනය
  • තොරතුරු සහ උපකාර
  • අපරාධ වැළැක්වීම
  • වැරදිකරුවන් අනාවරණය කර ගැනීම සහ සිරභාරයට ගැනිය යුතු සිරිකරුවන් සමිබන්ධයෙන් ක්‍රියා කිරිම
  • ආරක්ෂාව සැලසීම හා පාලනය කිරිම
  • සමිමාන රාජකාරි ලබාදීම
  • සිවිල් පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම

විශේෂිත කාර්යයන්

1. යුද්ධ හමුදා පොලිසිය යනු ඕනෑම හමුදා ආයතනයක අත්‍යාවශ්‍ය සහ ප්‍රමුඛතම අංගයකි. එබැවින්, යුද්ධ හමුදා පොලිස් ඒකකය 1 බලකායට ඒකාබද්ධ කිරීම එහි උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාය. 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිසියේ 1 බලකායෙහි සියලුම ප්‍රාථමික හා ද්විතීයික කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා සාමය සහ සියලු ආකාරයේ මෙහෙයුම් සඳහා විනයාරක්ෂක සහාය ලබා දීම වෙනුවෙන් තිරුමුරුක්කන්ඩි ප්‍රදේශයේ ස්ථාපිතව ඇත.

2. 1 බලකාය කාර්යක්‍ෂමව සහ ඵලදායි හමුදා පොලිස් රාජකාරි සැපයීම මගින් උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම. එය පහත ස‍දහන් පරිදි වේ,

  1. බලමුලු ගැන්වීමේදී, 1 බලකා මූලස්ථානයේ හි විනයාරක්ෂක රාජකාරි ඉටු කරනු ලබන්නේ 1 බලකාය තුල පිහිටි විනයාරක්ෂක කණ්ඩායම (01 x 10) විසිනි. අවශ්‍යතා පැනනගින විට, 1 බලකා විනයාරක්ෂක කණ්ඩායම මෙහෙයුම් පුරාවටම ක්‍රියාත්මක විය යුතුය. ඕනෑම ආකාරයක විශේෂ අවස්ථා වලදී, 5 වන ශ්‍රි ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය විසින් සුදුසු පරිදි විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ප්‍රමාණවත් විනයාරක්ෂකයින් ලබා දෙනු ඇත.
  2. බලමුලු ගැන්වීමේදී, 1 බලකා මූලස්ථානයේ හි විනයාරක්ෂක රාජකාරි ඉටු කරනු ලබන්නේ 1 බලකාය තුල පිහිටි විනයාරක්ෂක කණ්ඩායම (01 x 10) විසිනි. අවශ්‍යතා පැනනගින විට, 1 බලකා විනයාරක්ෂක කණ්ඩායම මෙහෙයුම් පුරාවටම ක්‍රියාත්මක විය යුතුය. ඕනෑම ආකාරයක විශේෂ අවස්ථා වලදී, 5 වන ශ්‍රි ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය විසින් සුදුසු පරිදි විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ප්‍රමාණවත් විනයාරක්ෂකයින් ලබා දෙනු ඇත.
  3. ඕනෑම ආකාරයක විශේෂ මෙහෙයුම් වලදී හෝ රට තුළ හදිසි තත්වයක් ඇති වුවහොත්, 1 බලකා විනයාරක්ෂක කණ්ඩායම් භාර නිලධාරි අණදෙන විසින් අනෙකුත් යුධ හමුදා පොලිස් රෙජිමේන්තු සමඟ සම්බන්ධීකරණය කර 1 බලකායෙහි බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සුදුසු විනයාරක්ෂක රාජකාරි සැපයිය යුතුය.
  4. ඉහත ස‍දහන් කර ඇති යෝජිත හමුදා පෙලිස් ආධාරක සැලැස්මට අනුව,5 ශ්‍රිලායුපොහේබ මූලස්ථානය තිරුමුරුක්කන්ඩි-කිලිනොච්චියේ එම ස්ථානයේම පිහිටවිය යුතු අතර 5 ශ්‍රිලායුපොහේබ අණදෙන නිලධාරි තුමන් විසින් බලමුලු ගැන්වීම,විශේෂ අභ්‍යාස සහ මෙහෙයුමි වලදි,ආසන්නතම යුද්ධ හමුදා පොලිස් ඒකක සමග සමිබන්ධ වෙමින් විනයාරක්ෂක කරුණු සමිබන්ධිකරණය කරණු ඇත.1 බලකා විනයාරක්ෂක කණ්ඩායම සමගින්.
  5. 1 බලකායෙහි ප්‍රාථමික හා ද්විතීයික කාර්යයන් සාක්ෂාත් කර ගැනීම සඳහා, 5 වන ශ්‍රි ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය විසින් හැකි ඉක්මනින් කාර්යක්ෂම හා ඵලදායී හමුදා පොලිස් සහාය ලබා දෙනු ඇති අතර, 5 වන ශ්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා අණදෙන නිලධාරි විසින් විනයාරක්ෂාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ හමුදා පොලිස් අවශ්‍යතා සම්බන්ධීකරණය කරනු ඇත.

ලුතිතන් කර්නල් පිඩිඅයි පෙරේරා
අණදෙන නිලධාරි


පසුගිය අණදෙන නිලධාරීන්

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් එම් කේ එම්  පරාක්‍රම 2010.04.10 2011.03.26
ලුතිතන් කර්නල් ජේ එච් ජේ නිශාන්ත 2011.03.27 2013.11.18
මේජර් ආර් ඩි කේ  ජයසූරිය (වැ/බ) 2013.11.18 2014.01.18
ලුතිතන් කර්නල් ඒ එම් ආර්  අබේසිංහ 2014.01.18 2017.07.04
ලුතිතන් කර්නල් එච් ඒ එච් සි  අල්විස්  යුඑස්පි 2017.07.04 2020.02.06
මේජර් එන් පි ඊ එන්  නේරංගම එල්එස්සි (වැ/බ) 2020.02.06 2020.04.22
ලුතිතන් කර්නල් පි ඩි අයි  පෙරේරා 2020.04.22 මේ දක්වා

විශේෂ රාජකාරි

1. සම්මාන රාජකාරි


2.නිරෝධායන මධ්‍යස්ථාන වල විනයාරක්ෂක රාජකාරි


3. එන්නත් මධ්‍යස්ථානවල විනයාරක්ෂක රාජකාරි


4. විමර්ශන


5. ඇඟිලි සලකුණු ගැනිම


6. රථවාහන අනතුරු ක්‍රියා පටිපාටි පැවැත්වීම

පුහුණුව

උපාධි පුහුණු සහ නායකත්ව පාඨමාලාව - 2020.09.12 සිට 2020.10.03 දක්වා

රෙජිමේන්තු පොලිස් පුහුණු පාඨමාලා

ඇමතුම් විස්තර

තැපැල් ලිපිනය : මූලස්ථානය, 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය - තිරුමුරුක්කන්ඩි කිලිනොච්චිය
විද්‍යුත් තැපැල් ලිපිනය : 5slcmp@army.lk, hq5slcmp@gmail.com
දුරකථන අංක :
අණදෙන නිලධාරි : 021 2060122
මූලස්ථානය : 021 2060123