Header Sinhala

11 ඉසේබ

ධජය

ලාංඡනය

ඉතිහාසය

මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමඟ කිලිනොච්චිය ප්‍රදේශයේ යොදවා ඇති භට පිරිස් සඳහා ඉංජිනේරු සේවා සැපයීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා “හනි 110/2009” යුධ හමුදා නියෝගයේ උපදෙස් පරිදි 2009 දෙසැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ස්ථාපිත කරන ලදී.එමගින් රජය විසින් දියත් කරන ලද “උතුරු වසන්තය” සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරන ලදි..

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට අනුව කිලිනොච්චි ප්‍රාදේශිය ආරක්ෂක මධ්‍යස්ථානය මගින් ඉඩම් ලබාගෙන එම ඉඩම් සේවා ඒකක වෙත ලබාදී ඇත.

මූලික අදියරේදී 2010 සැප්තැම්බර් 10 වන දින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සඳහා වනාන්තර ප්‍රදේශයේ අක්කර 117 ක් වෙන් කරන ලදී.

දැක්ම

1 බළකායේ ප්‍රමුඛ ඉංජිනේරු සේවා සපයන්නා බවට පත්වීම.

මෙහෙවර

1 බළකායේ සෙබලුන්ගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහළ වෘත්තීයභාවය සහ ප්‍රමිතීන් සහිත ඉංජිනේරු සේවා සිදු කිරීම.

භූමිකාව සහ කාර්යයන්

  1. 1 බළකාය විසින් භාවිතා කරන සියලුම භඨ නිවාස වල විදුලිය, ජලය සහ ජලාපවහන පද්ධති වැනි සියලුම ගොඩනැගිලි සහ ආශ්‍රිත පහසුකම් නඩත්තු කිරීම.
  2. 1 බළකායේ මූලධන සේවා ඉටු කිරීම, පරීක්ෂා කිරීම සහ මූලධන කොන්ත්‍රාත් සේවා පරීක්ෂා කිරීම සඳහා වගකීමෙන් කටයුතු කිරීම.
  3. 1 බළකායේ සියලුම යුධ හමුදා ඉදිකිරීම් කටයුතු සඳහා පිරිවිතර ලබා දීම, අත්සන් කිරීම සහ සැලසුම් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කිරීම.
  4. 1 බළකායේ යුධ හමුදා ගොඩනැගිලිවල තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා කදවුරු පරීක්ෂණ චාරිකා සිදු කිරීම.
  5. හදිසි අවස්ථාවකදී ජල හා විදුලි සේවා සැපයීම සඳහා 1 බළකා බළ ප්‍රදේශයට අයත් පළාත් පාලන ආයතනවලට සහය වීම සහ ඒවා නඩත්තු කිරීම.

වෙනත් කාර්යයන්

  1. 1 බලකා බළ ප්‍රදේශයේ යුධ හමුදා මූලස්ථාන අනුමැතිය සහිත රජයේ ව්‍යාපෘති ඉටු කිරීම.
  2. ඉරණමඩු සුභසාධක සංකීර්ණයේ සුපිරි වෙළඳපොල ක්‍රියාත්මක කිරීමෙන් හමුදා සහ සිවිල් ජනතාවට පහසුකම් සැලසීම.

මේජර් ඩබ්ලිව්පීකේඑම් විරසිංහ යුඑස්පී එල්එස්සී
අණදෙන නිලධාරි


පසුගිය අණදෙන නිලධාරිවරුන්

නිලය නම සිට දක්වා
මේජර් ඉඒඩිකේ එදිරිසිංහ 06.08.2010 11.09.2012
මේජර් ආර්එම්ඩි රත්නායක 14.09.2012 09.10.2014
ලුතිතන් කර්නල් ආර්එම්ඩි රත්නායක 10.10.2014 07.01.2017
ලුතිතන් කර්නල් එම්එස්ඩි පෙරේරා යුඑස්පි 12.01.2017 12.05.2019
මේජර් පීඒඑස්එස් පෙරේරා 13.05.2019 04.10.2020

ඇමතුම් විස්තර

ලිපිනය : Headquarters, 11th Engineer Services Regiment, Regional Security Center, Army Camp, Kilinochchi
ඊමේල් ලිපිනය : 11ceshqkln@gmail.com, 11esr@army.lk
දුරකථන අංකය : 0113176897