20th March 2026 09:24:27 Hours
1 බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2026 මාර්තු මස 14 වන දින 53 වන සහ 58 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, පුහුණු පාසල්හි සේනාවිධායකවරුන් සහ 1 බලකාය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ Zoom සාකච්ඡාවක් පැවැත්විය.
යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද නියෝගවලට අනුකූලව මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම සාකච්ඡාව අතරතුර බලකාධිපති තුමන් විසින් පවතින ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කළ අතර, සියලුම සංයුති සහ ඒකක විසින් රාජකාරි සහ වගකීම් ඵලදායී ලෙස ඉටු කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කළේය.
සැපයුම් හා පරිපාලන කටයුතු සම්බන්ධ කරුණු පිළිබඳව මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කල අතර, සියලුම සංයුති සහ ඒකක තුළ ඉහළ මට්ටමේ මෙහෙයුම් සූදානම, විනය සහ කාර්යක්ෂමතාව පවත්වා ගැනීමේ වැදගත්කම බලකාධිපති තුමන් විසින් අවධාරණය කළේය.
සොල්දාදුවන්ගේ යහපැවැත්ම, චිත්ත ධෛර්යය සහ වෘත්තීය ප්රමිතීන් සෑම විටම පවත්වා ගෙන යන බව සහතික කරමින් ඔවුන්ගේ සුභ සාධනය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස සියලුම නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.