27th January 2026 17:07:57 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පී එස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී - 2026 ජනවාරි මස 23 වන දින ගුවන් සංක්‍රමික බලසේනාවේ නිල සංචාරයක නිරත වූ අතර, වේලන්කුලම් ගුවන් සංක්‍රමික බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී නව බලකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී, විසින් 1 බලකායේ බලකාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක හැඳින්වීමක් සිදු කිරීමෙන් පසු 1 බලකාධිපති තුමාගේ නිල සංචාරය සනිටුහන් කිරීමට කඳවුරු තුල අඹ පැළයක් රෝපණය කරන ලදී. සංචාරය අතරතුර, 1 බලකා බලකාධිපති මුළුතැන්ගෙය, කොනොනි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය ඇතුළු ප්‍රධාන ස්ථාන නිරීක්ෂණය කර එම ස්ථාන වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් ලබා දෙන ලදී. තවද සියළු භට පිරිස් ඇමතීමෙන් පසු 1 බලකායේ බලකාධිපති තුමාගේ නිල සංචාරය සැමරීම උදෙසා සිහිවටනයක් පිරිනමන ලද අතර, අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව නිල සංචාරය අවසන් කරන ලදී.
මෙම අවස්ථාවට 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඒටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් පාලන හා භකාස, කර්නල් සම්බන්ධීකරණ, 1 බලකා ප්‍රමානි I (ක්‍රියා), 53 පාබල සේනාංකයේ සියළුම මාණ්ඩලික නිලධාරීන් ගුවන් සංක්‍රමික බලසේනාවේ සියලුම අණදෙන නිලධාරීන් සහ ගුසපුපා හි අණදෙන නිලධාරී මේ සඳහා සහභාගී වූහ.