25th January 2026 19:11:19 Hours
මෙම බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංඡිව ආර්ඵස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026 ජනවාරි මස 13 වන දින මෙම බලකාය යටතේ පාලනය වන 7 ශ්‍රීලයුසේබ සහ 7 ශ්‍රීලවියාඉ ඒකකයන්හි නිල සංචාරයක නිරත වන ලදී.
7 ශ්‍රීලයුසේබ සහ 7 ශ්‍රීලවියාඉ ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් බලකාධිපති තුමන් උණුසුම් අයුරින් පිලිගත් අතර ඒකක අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන්හි රාජකාරි ස්වභාවය පිලිබදව බලකාධිපති තුමන් දැනුවත් කරන ලදි. ඉන් පසු බලකාධිපති තුමන් ඒකක භට පිරිස් ඇමතිමේන් පසු කඳවුර පරීක්ෂාවක් සිදු කළ අතර, එහිදී ක්‍රියාත්මක කළ යුතු හා අවශ්‍ය වැඩිදියුණු කිරීම්/කඳවුරු ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව අණදෙන නිලධාරීන් දැනුවත් කළේය. ඉන් පසු ඒකක දෙකෙහිම බලකාධිපති තුමන් සමරු සටහන් පොත් හී සටහන් තැබිමෙන් පසු සිය නිල සංචාර අවසන් කරන ලදි.