25th January 2026 19:05:03 Hours
පාබල හමුදා සාමාජිකයින්ගේ ප්‍රායෝගික සටන් දැනුම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා යුධමය අවස්ථා වලදී සැබෑ භූමි තත්වයන් හදුනාගෙන උසස් කුසලතා දැක්වීමට අවශ්‍ය දැනුම වැඩිදියුණු කිරිම සදහා සැලසුම් කර ඇති විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලා අංක - 79 ආරම්භක දේශනය 2026 ජනවාරි මස 12 වන දින 1 බලකා මූලස්ථාන ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී. පාඨමාලාව පුරාවට, විවිධාකාර අභියෝගාත්මක මෙහෙයුම් තත්වයන්ට මුහුණ දීමට සූදානම් කිරීම සඳහා සැබෑ ප්‍රායෝගික පරිසර තත්වයන් යටතේ මෙම පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ.
විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලා අංක - 79 මාස අටකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන අතර, උපායශීලී ප්‍රවීණතාවය සහ මෙහෙයුම් විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීම සඳහා ව්‍යුහගත කර ඇති ප්‍රායෝගික පුහුණු අදියර අටකින් සමන්විත වේ.
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ගේ මඟ පෙන්වීම සහ පූර්ණ අධීක්ෂණය යටතේ, පාඨමාලාවේ පළමු අදියර තුන 1 බලකා මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන සහ 3 වන බලඇණි, ගජබා රෙජිමේන්තුවේ 8 වන බලඇණිය සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 6 වන බලඇණිය නියෝජනය කරමින් නිලධාරීන් හතර දෙනෙකු සහ සෙසු නිලයින් තිස් දෙදෙනෙකු මෙම පාඨමාලාව හදාරනු ලබයි
1ආරම්භක දේශනය 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - බ්‍රිගේඩියර් ඩීඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් සිදු කරන ලදි.