23rd January 2026 16:09:33 Hours
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ නල්ලතන්නි සිට ආදම්ගේ කඳු මුදුන දක්වා වූ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා ගුවන් සංක්‍රමික බලසේනාව සහ අතිරේක ප්‍රහාරක බලකාය (53 වන සේනාංකය) යටතේ ඇති 5 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ශ්‍රී පාදස්ථානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන ලදී. මේ සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරන ලද අතර, ඒ සඳහා 5 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් වෙත ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට නංවන ලදී. මෙම විශේෂ වැඩසටහන 2025 දෙසැම්බර් මස 27 වන දින 07 x 121 පමණ භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.