30th November 2025 10:28:41 Hours
1වන බළකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එමිපීඑම් විජේසූරිය ආර්ඩප්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 ජූලි 27 වන දින 53 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර, හබරණ 53 වන පාබල සේනාංක මූලස්ථානයේ සම්ප්‍රදානුකූලව උත්සවයක් පැවැත්විණි. තවද, 8 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් 53 වන පාබල සේනාංක මූලස්ථාන ප්‍රරධාන දොරටුවේදී 1 වන බලකා බලකාධිපති තුමන් වෙත සම්ප්‍රදානුකූලව හමුදා මුරයක් පිරිනමන ලදී. 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කෙඑච්එම්එස් වික්‍රරමරත්න අර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 1 වන බලකා බලකාධිපති තුමන්ව 53 වන පාබල සේනාංකයට පිළිගනු ලැබීය
.1 වන බළකායේ බලකාධිපති තුමන් 53 වන පාබල සේනාංකයේ භඨ පිරිස් ඇමතූ අතර, පසුව 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා සියලු නිලයින් තේ පැන් සංග්‍රරහයක් සඳහා 1 වන බලකා බලකාධිපති තුමන්වෙත ආරාධනා කරන ලදී. අවසාන වශයෙන්, ඔහු රැස්ව සිටි නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ තම වටිනා අත්දැකීම් බෙදා ගත්තේය.
ඉන් අනතුරුව අමුත්තන්ගේ පොතේ අත්සන් කිරීමෙන් පසු, 53 වන පාබල සේනාංකයට සහ ඒ යටතේ ඇති භට පිරිස්වලට අනාගත කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් 1 වන බලකායේ බලකාධිපති තුමන් නිල සංචාරය අවසන් කළේය.