07th July 2025 08:32:32 Hours
සංග්‍රාමික සෙබලුන්ගේ සාමුහික වගකිම් හා යුධ පුහුණුව පවත්වාගෙන යාමේ අරමුණින් 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) යටතේ රාජකාරි කරනු ලබන පාබල සෙබලුන් වෙනුවෙන් පැවැත්විමට සංවිධානය lrk ලද ARROW HEAD CHALLENGE - 2025 තරඟාවලිය 2025 ජුලි මස 13 වන දින සිට 2025 ජුලි මස 17 වන දින දක්වා කවුඩුල්ල සහ හබරණ වන සංරක්‍ෂිත ප්‍රදේශවල කමාන්ඩෝ බලකායේ හා විශේෂ බලකා උපදේශකයින්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්විමට කටයුතු සැලසුම් කර ඇති අතර, එහි තරඟ කරුවන් තෝරා ගැනිම වෙනුවෙන් පෙර පුහුණු සැසි 02 ක් පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය තුල සිදුකරනු ලබයි එහිදි පලමු පෙර පුහුණු සැසිය 2025 ජුනි මස 23 වන දින සිට 2025 ජුනි 29 වන දින දක්වාත් දෙවන අධියර 2025 ජුලි මස 03 වන දින සිට 2025 ජුලි 09 වන දින දක්වා 53 සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන නිලධාරින් 20 දෙනෙකු සහ සෙසුනිලයින් 120 කගේ සහභාගිත්වයෙන් මේ වන විට සිදුකරමින් පවති.
මෙහිදි මුර සංචාර, වනයේ ලැගුම් ගැනිම, විමර්ෂණය, ලුහු බැදිම, අන්තර්ජාල සබදතා නොමැතිව ජංගම දුරකථන යෙදුම් භාවිතයෙන් වනයේ ගමන් කිරිම, වැඩි දියුනු කරන ලද පුපුරන ද්‍රව්‍ය (IED) නිශ්ක්‍රිය කිරිම හා ප්‍රථමාධාර යන මාතෘකා යටතේ මෙම විශේෂිත පුහුණු සැසි නHdයාත්මක දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විතව සිදුකරනු ලබයි.
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මුලික මගපෙන්විම යටතේ 1 බලකායේ බළකාධිපති තුමන්ගේ සහ 53 සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ කැපවිම හා දායකත්වය මත මෙම පෙර පුහුණුවිම් අධියරයන් සිදුකිරිමෙන් අනතුරුව ඒකක තුලින් තෝරාගනු ලබන හොදම පෙළවල් සඳහා මෙම තරඟාවලිය පවත්වනු ලබයි. මෙම පුහුණු සැසියන් සිදුකිරිම තුලින් රටතුල ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්තාවකදි මෙම සේනාංකය යටතේ රාජකාරි සිදුකරනු ලබන සෙබලුන්ගේ යුධ සුදානම පවත්වා ගැනිම තුලින් රටේ අරක්‍ෂාව තහහුරු කිරිමට හැකි සෙබලුන් පිරිසක් බිහිකිරිම මෙහි පරමාර්ථය වේ.