Header Sinhala

01st July 2025 12:44:13 Hours

58 වන පාබල සේනාංක මූලස්ථානයේ 22 වන සේනාංකාධිපති වැඩ භාර ගැනීම

58 වන පාබල සේනාංක මූලස්ථානයේ 22 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.06.26 වන දින ආගමික වතාවත් සිදුකරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුව සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට මෙම පාබල සේමූ යටතේ පාලනය වන පාබල බසේමූ බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සේනාංකයේ සියළුම ජේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගි වන ලදී.