Header Sinhala

28th June 2025 00:03:34 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ මාර්ගගත සූදු ක්‍රීඩාව පිළිබඳව දේශණයක් සිදුකරයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මඟ පෙන්වීම යටතේ, 2025 ජුනි මස 25 වන දින 1 බලකායේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ මාර්ගගත සූදු ක්‍රීඩාව පිළිබඳ දේශණයක් 1 බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු (ස්ථානාධිපති පොලිස් පරීක්ෂක - මුලන්කාවිල් පොලිස් ස්ථානය) සහ පොලිස් සැරයන් එල්එච්එස් ප්‍රේමරත්න (තොරතුරු තාක්ෂණ අංශය - ඔඩ්ඩුසුඩාන්, පොලිස් මූලස්ථානය) විසින් දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයින් 260 දෙනෙකු සහභාගී වූහ.