26th June 2025 17:15:03 Hours
ගුවන් සංක්‍රමික බළඇණි පුහුණු පාඨමාලා අංක 04 හි අවසාන දේශණය 2025.06.24 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසල නිකවැව හි පවත්වන ලදී. එම අවස්ථාව සදහා පලමු නිල සංචාරය ද සනිටුහන් කරමින් 1 බළකායේ බළකාධිපති තුමන් වන මේජර් ජෙනරල් ඩබ්ලිව්එම්පිඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. එහිදී පහත සදහන් සිසුන් සදහා ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් කුසලාන ප්‍රධානය කරන ලදී.
දක්ෂතම වෙඩික්කරු- කපිතන් ඊජීකේඩීකේ විජේබණ්ඩාර ශ්‍රීලපාහ (නි/71115)
දක්ෂතම සිසුවා - ලුතිතන් එස්ඩීඑච්ජී නන්දසිරි ශ්‍රීලපාහ (නි/72460)
දක්ෂතම ශාරිරික යෝග්‍යතා සිසුවා - සෙ/321369 කෝප්‍රල් ජයන්ත පීජීඩබ්ලිව්
දක්ෂතම කණ්ඩායම - ‘සි’ කණ්ඩායම