13th June 2025 18:32:39 Hours
58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජේෂ්ඨ නිළධාරී තුමන්ගේ සංකල්පයකට අනුව මව්බිමේ සාමය වෙනුවෙන් ජීවිත කැපකල ශ්‍රී ලාංකිකයන් සිහිකොට 2025.06.10 වන දින කදවුර ඉදිරිපිට සිවිල් ජනතාව වෙත කොත්තමල්ලි දන්සලක් පවත්වන ලදි. එම වැඩසටහන සදහා මෙම පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි/සෙසුනිලයින් සහභාගිවු අතර, සේනාංකාධිපති තුමන්ගේ සුරතින් ආරම්භ කරන ලද කොත්තමල්ලි දන්සල පස්වරු 2200 පැය දක්වා අඛණ්ඩව පැවැත්වූ අතර වන්දනාකරුවන් 3000කට අධික ප්‍රමානයක් ඒ සදහා සහභාගී වන ලදී. තවද මෙම පාබල සේනාංක මූලස්ථානය විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව මහජන ප්‍රදර්ශනය සදහා පස්වරු 1900 පැයට සේනාංකාධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.