Header Sinhala

11th May 2025 11:40:18 Hours

2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක බළඇණි පුහුණුවිම් පිලිබඳ ඉදිරිපත් කිරීම

2025 වාර්ශික බළඇණි පුහුණු සැලැස්මට අනුව බළඇණි පුහුණු පාඨමාලාව හදාරනු ලබන 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක බළඇණි පුහුණුවිම් වලට සමගාමිව 2025.05.03 වන දින පශ්චාත් යුධ සමයේ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරීන් සඳහා 2(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දැක්වූ දායකත්වය පිලිබඳ සමාලෝචනය යන මාතෘකාව යටත් බළඇණි ඉදිරිපත්කිරීම සිදු කරන ලදී. එය නැරඹීම සහ ඇගයීම සඳහා 641 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එල්ඒ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආරාධිත අමුත්තා ලෙස පැමිනෙන ලදී.