Header Sinhala

11th May 2025 11:20:55 Hours

යුද හමුදා සහායෙන් ක්ලීන් ශ්‍රී ලංකා තවත් වැඩසටහනක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව, යුද්ධ හමුදාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ගුවන් සංක්‍රමික බලසේනාවේ බළසේනාධිපති තුමාගේ සංකල්පයක් මත එම බලසේනාවේ 31 වන බළසේනා දිනයට සමගාමීව ඉටු කරනු ලබන සමාජ මෙහෙවරක් ලෙස ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත පාරිසරික පද්ධති සුරැකීමේ කර්තව්‍යට උරදෙනු වස් තිරියාය වෙරළ තීරයේ කැෂුරිනා ශාක 2000 ක ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

එහි පළමු අධියරය 2025 මැයි 04 වන දින ගුවන් සංක්‍රමික බලසේනාවේ බළසේනාධිපති, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සහකාර ලේකම් තුමිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද අතර මේ සඳහා 200 ක පමණ යුද්ධ හමුදා භඨ පිරිසක දායකත්වය සපයන ලදී. මෙහිදී තිරියාය වෙරළ තීරයට අයත් සැලකිය යුතු භූමි ප්‍රමාණයක කැෂුරිනා ශාක 500 ක් රෝපණය කරන ලදි.