Header Sinhala

11th May 2025 10:14:53 Hours

ගුවන් සංක්‍රමික බළඇණි පුහුණු පාඨමාලා අංක 04 හි ආරම්භක දේශණය - 3 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව

ගුවන් සංක්‍රමික බළසේනාව යටතේ ඇති ගුවන් සංක්‍රමික බළඇණියක් වන 3 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ ගුවන් සංක්‍රමික බළඇණි පුහුණුවීම් 2025.04.29 වන දින නිලධාරීන් 12 ක් හා සෙසුනිලයින් 282 සහභාගිත්වයෙන් ගුවන් සංක්‍රමික පුහුණු පාසල - නිකවැවහි ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑම්එස්සීබී ජයතිලක RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි විය.