Header Sinhala

11th May 2025 09:53:43 Hours

5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් බැරගම දිළිඳු පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් භාර දෙයි

යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව, 1 බලකා බලකාධිපති තුමාගේ සහ 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි, 5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා 581 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ සෘජු අධීක්ෂණය යටතේ නව නිවසක් ඉදිකරන ලදී.

5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්එච්යූඩී වීරවංශ RSP USP VIR ගේ ආරාධනයෙන්, 581 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්එම්ඩබ්ලිව්කේබී අබේරත්න RWP RSP USP psc විසින් 2025 අප්‍රේල් මස 22 වන දින සුභ මොහොතින් ජීජී ලහිරු ශ්‍රීමාල් මහතා සහ ඔහුගේ පවුලේ අයට අලුතින් ඉදිකරන ලද නිවස නිල වශයෙන් භාර දෙන ලදී. මෙම විශේෂ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රජයේ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ගම්වැසියන් රැසක් සහභාගී වූහ.