20th April 2025 09:51:54 Hours
58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාඡකාරි සිදු කරන ලද මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධූර කාලය අවසන්ව 2025.04.16 වන දින සේනාංකයෙන් නික්මයාම සමගාමීව චාරිත්‍රානුකූලව කදවුරු මුරයක් හා සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රාඡකාරි භාරදීම් නිල වශයෙන් සිදුකර තමා යටතේ රාඡකාරි කල සියළු නිලයින් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. තවද භඨපිරිස් ආමන්ත්‍රනයෙන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වීමෙන් පසු අමුත්තන්ගේ පොතෙහි සටහනක්ද තබමින් තම ධූරයෙන් නික්මයාම සනිටුහන් කලේය.එම අවස්ථාවට මෙම පාබල සේමු යටතේ පාලනය වන පාබල බසේමු බළසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරින් සහභාගි වන ලදි.